සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්කරන දිනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්කරන  දිනය  සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක්
  • SocialShare:

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග දෙපාර්මේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ  අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත්  කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා එලෙස සංසරණය වන පුවත සාවද්‍ය බවයි.