රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වගා නොකරන සියලුම ඉඩම් වගා කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය පවසයි.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ඉඩම් වගාකිරීම සඳහා යෝජිත වැඩසටහන යටතේ මැදිරිගිරිය අක්බාර්පුර ප්‍රදේශයේ වගා නොකළ ඉඩම්වල වගා කිරීම සඳහා පොල් පැළ බෙදාදීම අද (11) සිදු කෙරිනි.
එසේම කන්තලේ සීනි කර්මාන්තශාාලාවට අයත් ඉඩම් අක්කර 2000ක බඩඉරිගු වගා කිරීමේ ජාතික වැඩසටහනද ආරම්භ කර ඇත.තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලු රාජ්‍ය අංශයේ මැදිහත්වීම මත මෙම වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරේ.
මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඵලදායීව වගා නොකරන ගොඩ ඉඩම් අක්කර 1723ක් සහ කුඹුරු ඉඩම් අක්කර 126ක් හඳුනාගෙන තිබේ.