මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ යටතේ මාර්ග අනතුරු අවම කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ යටතේ මාර්ග ආරක්ෂණ කළමනාකරණය , ආරක්ෂිත මාර්ග සහ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය , ආරක්ෂිත වාහන , ආරක්ෂිත විනයගරුක මගී ප්‍රජාවක් ඇති කිරීම සහ පශ්චාත් අනතුරු කළමනාකරණය යන ක්ෂේත්‍රයන් යටතේ මෙම ජාතික වැඩපිළීවෙළ ගොඩනගා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මෙම වැඩපිළිවෙළ මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා , ඒ යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බවද පෙන්වා දුන්නේය.
රියදුරන් වෘත්තීමය වශයෙන් දිරිගැන්වීම , ඔවුන් සඳහා මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීම , ඩිපෝවල අත්‍යවශ්‍ය මූලික පහසුකම් සහ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂා තත්වයන් තහවුරු කිරීම දුරගමන් සේවා බස්රථ නවත්වනු ලබන ආපනශාලාවල ප්‍රමිතිය උසස් කිරිම , රියදුරන්ගේ මානසික හා කායික නිරෝගිතාව තහවුරු කිරීම මෙන්ම ජංගම අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ ඒකකයක් ක්‍රියාත්මක කිරීම රියදුරන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම මගී ජනතාව වෙනුවෙන් මගී කමිටු පිහිටුවීම , බස්රථවල ටිකට්පත් අනිවර්ය කිරිම , බස්රථවල සිදුවන වැරදි දැනුම්දීමට වට්ස්ඇප් දුරකතන අංක ප්‍රදර්ශනය කිරීම , මාර්ගවල ආලෝක සංඥා පද්ධතිවලට count down timers සවි කිරීම වැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ සඳහා GPS අධීක්ෂණය යටතේ නියමු ව්‍යාපෘතියක් හඳුන්වා දෙන බව පැවසූ අමාත්‍යවරයා බස්රථ සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට හැකි ක්‍රමවේදයක් සකසන බවද පවැසීය.එසේම බස්රථවල ආසන වෙන් කිරීමට මාර්ගගත පොදු ක්‍රමවේදයන් හඳුන්වා දීමද මෙම වැඩපිීළවෙළ යටතේ සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.