ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දමිළ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙසත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංසථාවේ දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුතු කළ ජෙෂ්ඨ මාධ්‍යවේදී වී. එන්. මදිඅලහන් මහතා විසින් රචිත "වී.එන්. මදිඅලහන් කියන පුවත්" සහ "දමිළ විකාශනයේ ස්වර්ණමය යුගයේ සටහන්" නැමති දමිළ ග්‍රන්ථ ද්විත්වය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරිණ.
වී.එන්. මදිඅලහන් මහතාගේ සහෝදරිය වන ආනන්ද ලක්ෂ්මී ධර්මශීලන් විසින් මෙම කෘති ආග්‍රාමාත්‍යවරිය වෙත පිලිගැන් වූ අතර දැනට යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිලිබඳ හදාරණ විද්‍යාර්ථින්ගේ පර්යේෂණ සඳහා භාවිතයට ගැනෙන මෙම කෘති පාසල් දරුවන්ට පරිහරණය කළ හැකි පරිදි පාසල් පුස්තකාල 1000 ක් වෙත ලබා දීමට සැළසුම් කර ඇති බව වී.එන්. මදිඅලහන් මහතාගේ සහෝදරිය පැවසුවාය.
මෙම අවස්ථාවට වී.එන්. ආනන්ද ලක්ෂ්මීගේ පුත්‍රයා වන අදිත්‍යන් සහ ඔහුගේ දියණිය තිරිනේට්ට්‍රි යන දෙපළ ද සහභාගී විය.