උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්කරයි.
ඒ අනුව වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අ.පො.ස. (සා/පෙළ) විභාගයේ සමත් අසමත් භාවය සලකා බලනු නොලැබේ.
මේ සමඟ අමුණා ඇති පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත පහත සබැඳිය ඔස්සේ ද බාගත කරගත හැක.
https://moe.gov.lk/2025/05/37984/