රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹේ

රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹේ
  • SocialShare:

කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු යන තේමාව යටතේ 2025 වර්ෂයේ රාජ්‍ය වෙසක් සතිය අද සිට ආරම්භ වේ.

බෞද්ධ ප්‍රබෝධය ඇති වන පරිදි සියලු ජන වර්ගවල සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුවන අතර,වෙසක් සතිය අද(10) සිට එළ‍ණ 16 වනදා දක්වා පැවැත් වෙයි. රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භවීමට නියමිතය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබයි. වෙසක් සතිය පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කෙරෙන බවද මධ්‍යම පළාත් සභාව , පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යංශය එක්ව දහම්පාසල් ළමුන් සඳහා ඩෙස් බංකු , පුස්තකාල ආධාර ලබා දීමට නියමිත බවද  සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අතිපූජ්‍ය මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.