වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, කැසිනෝ ශාලා, සහ සුරාසැල් දින 03ක් වැසෙයි

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, කැසිනෝ ශාලා, සහ සුරාසැල් දින 03ක් වැසෙයි
  • SocialShare:

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් දින 03ක්  වසා තබන බව  සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.


ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වු 2025 වර්ෂයේ මැයි මස 10 සිට 16 දින දක්වා වෙසක් සතිය වශයෙන් අමප/25/0659/822/015 හා 2025.04.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2025.04.29 දිනැති ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 4/2025 නිකුත් කර ඇත.
ඒ් අනුව 2025 මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළද සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත්, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස එම නිවේදනයේ සඳහන්ය.