ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් වසායකයින්ට අවම බලපෑමක් ඇතිවන ලෙස සෑම විටම කටයුතු කරන බවත්, ඒ සඳහා ඉදිරි දින 90තුළදී මෙරටට සහනදායී පිළිතුරක් ලබා ගැනීමට උත්සාහදරණ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඇමරිකාව පැන වූ තීරු බදු සම්බන්ධයෙන් සහ ඊට මුහුණදීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද (29)කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇමරිකාව පැන වූ තීරු බදු හේතුවෙන් ලෝකයේ සෑම රටක්ම කෙටි කාලීන සහ දිගු කාලීන ගැටලු රැසකට මුහුණ දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගණනාවක් පැවැත් වූ බවත්, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළදාම ,වෙළෙඳ භාණ්ඩ හා සෘජු ආයෝජන ප්‍රතිපත්ති සංවර්ධනය පිළිබඳව ඇමරිකානු වෙළෙඳ නියෝජිතයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළබවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද , විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ ව්‍යවසායකයින් හා මූල්‍ය විශේෂඥයින් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, අපනයන විවිධාංගීකරණය සහ අලුත් වෙළෙඳපොළවල් සොයාගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාකරන බවද කීය.
මෙම ගැටලුව විසඳීම සඳහා ස්ථිරසාර සැලැස්මක් අවශ්‍යබවත්, රජය සිදුකරගෙන යන සාකච්ඡා සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරියේදී සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.