ලොව විශාලතම බහාලුම් නෞකාවක් අද කොළඹ වරායට

 ලොව විශාලතම බහාලුම් නෞකාවක් අද කොළඹ වරායට
  • SocialShare:

ලොව අති විශාලත ම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව 2025.04.28 වන දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙත පැමිණ ඇත.

බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවට අයත් MSC MARIELLA නෞකාව මීටර් 399.90 ක දිගින් යුතු වන අතර, පළල මීටර් 61.30 කි. ටොන් 240,737 ක බරැති බහාලුම් ප්‍රමාණයක් දරාගත හැකි මෙම සුවිශාල නෞකාව 2023 වසරේදී නිෂ්පාදනය කරන ලද්දකි.

මෙම නෞකාවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයට බහාලුම් 1,600 ක ප්‍රමාණයක් පැටවීම සහ බෑම සිදුකරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා පැවසී ය.

MSC MARIELLA නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ නාවුක ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, එය ජාත්‍යන්තර නාවුකr ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය වඩාත් ඉහළින් ඔසවා තැබීමට හේතුවන බවත් ගණක හේමචන්ද්‍ර මහතා වැඩි දුරට සඳහන් කළේ ය.

වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය වන, කොළඹ වරාය දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය(Maritime hub) බවට පත්කිරීමේ සිහිනය සැබෑ වෙන බවට මේ අතිවිශාල නෞකාවේ පැමිණීම ඉඟියක් වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.