ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට අනුව තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
රජය සතු ආයතන වල ‘සොච්චමක්’ හෝ විකිණීමට කටයුතු නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මාරාන්තික තත්වයේ ඇති ලංගම යේ වංචාව, දුෂණය පිටුදැක නව හුස්මක් ලබාදෙමින් ගොඩනැගීම සඳහා රජය කැපවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කාර්මික අංශය අලුත්වැඩියා කරන ලද බස් රථයක් දෙණියාය-රත්නපුර (මාර්ග අංක 62) මාර්ගයේ ධාවනය සඳහා එක් කිරීම ද එහිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
"එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ.
ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්. ඒ සඳහා සියලු තරාතිරම්වල සියලුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ. ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි. ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි"