සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම්
  • SocialShare:

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කමිටුව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී රැස්විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීන් 37 දෙනෙකුගෙන් යුක්ත වේ. මෙම කමිටුව ත්‍රෛමාසිකව රැස් ව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ  ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිත අතර, කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ ලේකම් තුමා වෙත ඉදිරිපත් කරනු ඇත.

රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය යන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංශ  ශක්තිමත් ව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා ඒකාබද්ධව  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ද මෙම කමිටුවේ සෙසු අරමුණු වේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය හා ඒකාබද්ධ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ගික මඟ පෙන්වීමක් ලබා දීම. වත්මන් ක්‍රියාකාරකම් තක්සේරු කිරීම සහ නව ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම මෙන් ම මෙහෙයුම් කමිටුවේ මගපෙන්වීම යටතේ තෝරාගත් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ නියෝජනය වන පරිදි ක්‍රියාකාරී කණ්ඩායමක් සැකසීමට සුදුසු නිලධාරීන් නම් කිරීම සිදු කළ යුතු බව මෙහි දී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එක් එක් අංශ තුළින් කඩිනමින් තෝරා ගන්නා ලද ක්‍රියාකාරී කණ්ඩායම් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලබන සතිය තුළ විශේෂ රැස්වීමක් පවත්වා ඉදිරි කටයුතු සැලසුම් කිරීමට පියවර ගත යුතු බවට ද මෙහි දී මෙහෙයුම් කමිටුවේ නිලධාරීන් දැනුවත් කරන ලදි.


ප්‍රතිපත්ති මාර්ගෝපදේශය සම්බන්ධීකරණය,  ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ “ක්ලීන් ශ්‍රී ලංකා”  ව්‍යාපෘති මුලපිරීම් ක්‍රියාත්මක කිරීම ඇගයීම මෙහෙයුම් සහ වාර්තා කිරීමේ යාන්ත්‍රණය, ත්‍රෛමාසික සමාලෝචන ප්‍රගතිය, අභියෝග හඳුනා ගැනීම සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධව ද මෙහි දී දිර්ඝව සාකච්ඡා කෙරිණි.

 “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව පාරිසරික තිරසාරත්වය ට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

"ලස්සන දිවයිනක්, සිනාමුසු මිනිසුන්" යන එහි අභිලාෂකාමී දැක්ම සමඟින් මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන් ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන 1) කේ.එම් වත්සලා ප්‍රියදර්ශනී, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) ඩබ්.කේ වික්‍රමසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මෙහෙයුම් කමිටුවේ නිලධාරීන් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.