ජනතාවට දැනෙන ප්‍රමාණයකට ඖෂධ මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැට් බදු සහ විදුලි බිල සහනය සමඟ ඖෂධ නිෂ්පාදකයන් සහ ඖෂධ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, වෙනම සූත්‍රයක් මේ සඳහා සකස් කරන බවත් කීය.ඉදිරියේදි ජනතාවට දැනෙන මුදලකින් ඖෂධ මිල අඩු කර ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. අඛණ්ඩ සහ ගුණාත්මක ඖෂධ සැපයීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
පුරවැසියා වෙනුවෙන් වගවෙන සහ වගකියන ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නගන බවද අමාත්‍යවරයා කීය. මඩකලපුව, වව්නියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වලට නව ඔසුසල් පිහිටුවන බවත්, කොළඹ ජාතික රෝහල ඉදිිරිපිට තිබෙන ඔසුසල මෙරට ප්‍රධානම ඔසුසල බවට පත්කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය. මෙම ඔසුසල් ගමට ගෙන ගොස් ජනතාවට ගුණාත්මක ඖෂධ ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සිය කතාවේදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
නිරෝගී ජීවිතයක් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් යන්න අපේ ප්‍රතිපත්ති මාලාවේ එක් පුධාන කරුණක්. අපේ රජයේ ප්‍රතිපත්ති මාලාවම සකස් වී තිබෙන්නේ තිරසර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා. විශ්වීය සෞඛ්‍ය ආවරණය හෙවත් universal health coverage යන ප්‍රතිපත්තිය මත ඉදිරියේදී සෞඛ්‍ය සේවාවේ වැඩ කටයුතු මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ ජනතාවට කිසිදු බේදකයනික් තොරව සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලබා ගැනීමට, කවර මාධ්‍යයකින් සෞඛ්‍ය පහසුකම් ලබා ගත්තද ඒ වෙනුවෙන් රාජ්‍ය වගකීම සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුව උසස් සෞඛ්‍ය පහසුකම් ලබා දීම යන මූලධර්ම තුන යටතේ සමස්ථ සෞඛ්‍ය පද්ධතියම මෙහෙයවනවා.
අපේ ප්‍රතිපත්ති මලාවෙන්ම, මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කර දී තිබෙනවා. භේදයකින් තොරව ජනතාවට සෞඛ්‍ය සේවාවට ප්‍රවේශ වීමට සහ එහි ප්‍රතිලාභ ලබා ගැනීමේ අයිතිය තහවුරු කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය සඳහා වෙන්කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 604ක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කර තිබෙනවා. 2024 වර්ෂයේදී මෙය රුපියල් බිලියන 352ක් පමණයි. මේ සියලුම මුදල් ඵලදායී ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට යොදවන්න කටයුතු කරනවා.
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමටද රජය කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. අද සිදුවන මරණවලින් 70%ක් සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා , භාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන් විශාලසංඛ්‍යාවක් ඉහළ ගොස් ඇතැයිද පෙන්වා දුන්නේය. පුරවැසියන් වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක් නිර්මාණය කිරීම රජයේ වගකීම බවත්, ජනගහණයෙන් සෑම 5000ටම , ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක් ලබා දීම රජයේ ඉලක්කය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රුපියල් බිලියන 12.1ක් ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.
හදිසි ප්‍රතිකාර ඒකක /හෘද රෝග කැතීටකරණ ඒකක/පිළිකා රෝග ඒකක සඳහා මෙවර අයවැයෙන් විශේෂයෙන් මුදල් වෙන් කර තිබේ. මන්ද පෝෂණය සහ ස්ථුලතාවය අද බරපතල ගැටලුවක් බවත් ඒ වෙනුවෙන්ද ජනමාධ්කය අමාත්‍යංශය සමඟ එක්ව දැනුවත් කිරීම් සිදු කරන බවද කීය. ත්‍රී පෝෂ ආයතනය ඈවර නොකරන බවත්ථ ඒ වෙනුවට ඒ ආයතනය සඳහාදා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේ.
ඊයේ පැවැත්වීමට තිබූ වෛද්‍ය වැඩ වර්ජනය සිදු නොකිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය. සෞඛ්‍ය වෘත්තීය සමිති බොහොම සුහදව අපිත් එක්ක සාකච්ඡා කළා. ඒ අනුව ඔවුන් වැඩ වර්ජන නැවැත්තුවා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිය පුද කරන්නඔින.