දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායායාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායායාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
  • SocialShare:

බදුල්ල දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ නයායාමේ පූර්ව නිවේදනය අද (03) පස්වරු 12.30 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දේ.

එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ⁠හාලි ඇල, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම,⁠හපුතලේ, මීගහකිවුල, සොරණාතොට යන ප්‍රදේශවලට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයට නායයාම් පිළිබඳව විමසිල්ලලෙන් පසුවන ලෙස එම වැඩිදුරටත් දක්වා ඇත.