දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
  • SocialShare:

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය , ඌව පරණගම , මීගහකිවුල සහ  සොරණාතොට ප්‍රදේශවලට නාය යාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය දැනුම් දේ.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටද මෙලෙස නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ සඳහන් වේ.