මහා ශිව රාත්‍රිය අදයි

මහා ශිව රාත්‍රිය අදයි
  • SocialShare:

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී ඇත. 

හින්දු බැතිමතුන්,  අද (26) ශිව දෙවියන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත්වල නිරත වේ.

රාත්‍ර නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත  වීම විශේෂත්වයකි.

හින්දු දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවිඳුන් ලෙස සැලකෙන ශිව දෙවියන් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය ලෙසයි මහා ශිව රාත්‍රී දිනය සැළකේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.