වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද(22) කවුඩුල්ල ජාතික වනෝද්‍යාන කාර්යාලයේදී පැවැත්විණි .
පසුගියදා ගල් ඔය ප්‍රදේශයේ සිදුවූ අලින් හත්දෙනකු අනතුරට ලක් වූ හදිසි දුම්රිය අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරියේදී එවැනි අනතුරු වලක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. සාකච්ඡාවෙන් අනතුරුව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීම සඳහා ස්ථාන පරීක්‍ෂණය සඳහා අදාළ අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහාද මෙම පිරිස සහභාගි වූහ.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.වනසිංහ , වන සංරක්ෂණ ජනරාල් ඊ.ඒ.පී.එන්.එදිරිසිංහ , ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන ) එම්.ජේ. ඉදිගොල්ල යන මහත්වරුන් ඇතුළුව රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.