අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලේ

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලේ
  • SocialShare:

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සහ “City Branding” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය  ස්ථානයක් බවට  පත් කිරීම  සමිබන්ධයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වීතිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (26)  පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

දේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන අනුරාධපුර නගරය විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට හොඳ විභවයක් තිබෙන අතර ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය ලෙස සහ පළමු වැව පිහිටි ස්ථානය ලෙස විදේශිකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීමටද අවධානය යොමු විය. 

සමාජ ආකල්ප වෙනසක් ඇති කරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා "Clean Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කමිටුවේ  සභාපති වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වාරිමාර්ග හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ,  උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න, ආචාර්ය සේන නානායක්කාර, නීතිඥ ඒ.ඒ. ජීවන්ත භාග්‍ය ශ්‍රී හේරත්,  තිලිණ තාරුක සමරකෝන්, පී.ඩී.එන්. පලිහේන, රෝහණ බණ්ඩාර, පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.ඩබ්.එස්. සමරදිවාකර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. ජී. ආර්. විමලසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.