1949 සිට මේ දක්වා ඉතිහාසයේ දිගු ගමනක් පැමිණි රජයේ චිත්‍රපට අංශයට නිසි ඇගයීමක් ලබා දිය යුතුයි - ජනමාධ්‍ය ඇමති

1949 සිට මේ දක්වා ඉතිහාසයේ දිගු ගමනක් පැමිණි රජයේ චිත්‍රපට අංශයට නිසි ඇගයීමක් ලබා දිය යුතුයි - ජනමාධ්‍ය ඇමති
  • SocialShare:

1949 සිට මේ දක්වා ඉතිහාසයේ දිගු ගමනක් පැමිණි රජයේ චිත්‍රපට අංශයට නිසි ඇගයීමකට ලක්ක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම  අදහස් පළකළේ අද( 16)පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  චිත්‍රපට හා ඩිජිටල් සංරක්ෂණ ඒකකය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමිණි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ අප මේවන විට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇතිකරමින් සිටින බවයි. වත්මන් ආණ්ඩුව මෙරට සංවර්ධන රාජ්‍යයක් බවට පත්කරමින් සිටින බවද අමාත්‍යවරයි කීය. අද දින මෙම අවස්ථාව ඓතිහාසික සහ වැදගත්  අවස්ථාවක් බවත් මෙහි වටිනාකම තව දශක කිහිපයකින් රට තේරුම් ගනු ඇතැයිද ඔහු කීය.සංවර්ධනය අවිච්චින්නව රැකගෙන යාමට අපසූදානම් විය යුතු බවත් ඔහුකීය.රටක් ඉදිරියට ගමන්කරනුයේ ප්‍රාතිහාර්යයෙන් නොවන බවත් ඔහුකීය.එමෙන්ම පාසල් දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ට මෙම ස්ථාන විවෘත කළයුතුබවත් ඔහුකීය.තවද මෙම ආයතනයේ ඉදිරිකටයුතු සදහා අයවැය මගින් තවත් ප්‍රසම්පාදන සපයන බවත් සංරක්ෂණය සදහා නව පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කරන බවත් ඔහු කීය.

රුපියල් මිලියන හයකට වඩා අඩුමුදලක් වැයකරමින් මෙම සංරක්ෂණාගාරය ප්‍රතිසංස්කරණය සිදුකර ඇත.පෙර සිදුකර ඇති ඇස්තමේන්තු කිරීමකදී මේසදහා රුපියල් මිලියන 19 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.1949 සැප්තැම්බර් 17 ඇරඹි රජයේ චිත්‍රපට අංශය සිනේ මාධ්‍ය ඩීවීඩි මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද සහ නිෂ්පාදනය කළ සහ සංරක්ෂණාගාරයේ පැවති වටිනා නිර්මාණ රැසකින් සංරක්ෂණය කර ඇත.ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවන ඉන්ජිනේරු සේවා බළකාය මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.