රජයෙන් වෙන්කළ මුදල් නිසි පරිදි කළමනාකරණය කර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

රජයෙන් වෙන්කළ මුදල්  නිසි පරිදි කළමනාකරණය කර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
  • SocialShare:

රජයෙන් වෙන්කර ඇති මුදල්  නිසි පරිදි කළමනාකරණය කර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කටයුතු  කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා පැවසීය.

ඒ් මහතා මේ බව පැවසුවේ වසර 76ක් පැරණි , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  චිත්‍රපට හා ඩිජිටල් සංරක්ෂණ ඒකකය ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කිරිම සඳහා  අද(16) පැවති උත්සවයට  එක්වෙමිණි.

පසුගිය රජය සමයේ සිදුකළ ඇස්තමේන්තු කිරීමකදී මෙම නවීකරණ කටයුතු සදහා රුපියල් මිලියන 19 ක මුදලක් ඇස්තමේන්තු කර ඇතත්, රුපියල් මිලියන හයකට වඩා අඩුමුදලක් වැයකරමින් මෙම සංරක්ෂණාගාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත.

1949 සැප්තැම්බර් 17 ඇරඹි රජයේ චිත්‍රපට අංශය සිනේ මාධ්‍ය ඩීවීඩි මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද සහ නිෂ්පාදනය කළ සහ සංරක්ෂණාගාරයේ පැවති වටිනා නිර්මාණ රැසකින් සංරක්ෂණය කර ඇත.ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවන ඉන්ජිනේරු සේවා බළකාය මගින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.

 වැඩිදුරටත් අදහස් දක්වමින්  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා පැවසූයේ අතීත මතක සුරැකීමට සියලු පියවර ගන්නා බවයි. විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බිය නොමැතිව විනිවිද භාවයෙන් තමන් වැනි රාජ්‍ය නිලධාරීන් ට කටයුතු කිරීමට ඉඩකඩ ලබාදී ඇතැයිද හෙතෙම අවධාරණය කළේය .රජයේ නිලධාරීන් ලෙස සහ පරිපාලන සේවයේ නිලධාරීන් ලෙස අභියෝග භාරගැනීම කළ යුතු බවද ඒ් මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ චිත්‍රපට අංශයේ අංශාධිපති  නිශාන්ත කුලතුංග මහතා පැවසූයේ මෙය දශක තුනක් පුරාවට අබලන්ව පැවති ගොඩනැගිල්ල ක් බවයි.මින් සිදුවූ සේවය සුවිශාල බවත් මෙම ප්‍රතිසංස්කරණය ට කටයුතු කළ අමාත්‍යවරයාට සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂණ  ජනරාල් හර්ෂ බණ්ඩාර මහතාට ස්තූතිය පුදකරන බවදකීය.

මෙම උත්සවයට සමගාමීව චිත්‍රපට අංශයේ යූටියුබ් නාලිකාව GFU Sri Lanka නමින් නැවත සමාජ මාධ්‍යයට මුදාහැරීමද සිදුකෙරිණි.