විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන අයුරින් නීති සකස් කෙරේ

විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට ජන්දය ප්‍රකාශ කිරීමට හැකි වන අයුරින් නීති සකස් කෙරේ
  • SocialShare:

විදෙස්ගත පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර දීම සඳහා පවත්නා නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමට අදාළ කරුණු අධ්‍යයනය කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා  දුන් බව  කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.‍

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4 වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලබන බවත් එතුමා  පවසා සිටියි.