ඉන්ධන බෙදාහැරීම අද (15) සිට QR ක්‍රමයට

ඉන්ධන බෙදාහැරීම අද (15) සිට  QR ක්‍රමයට
  • SocialShare:

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතය  අද(15) උදෑසන සිට නැවත ක්‍රියාත්මක කර ඇත.

මැදපෙරදිග කලාපයේ ඇති වූ යුධමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් මාර්ග වලට බලපෑම් ඇතිවී ඇති අතර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ඉල්ලුම වැඩිවීමත් සමඟ ඉන්ධන සංචිතය සුරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා මෙම QR පද්ධතිය නැවත හඳුන්වා දී ඇත.

රජය පවසන්නේ QR කේතයක් නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා දීම සිදු නොකරන බවයි.

පෙර Fuel Pass සඳහා ලියාපදිංචි වී ඇති සහ වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් නොවූ අය fuelpass.gov.lk වෙබ් අඩවියෙන් තම QR කේතය download කරගත හැක. නව වාහන හෝ තොරතුරු වෙනස් වූ අය නැවත ලියාපදිංචි විය යුතුය.

රජය විසින් සතියකට වාහන වර්ග අනුව ඉන්ධන ප්‍රමාණයක්ද නියම කර ඇති අතර මෝටර් සයිකල් සඳහා 5L, මෝටර් රථ සහ ත්‍රීරෝද සඳහා 15L, වෑන් සඳහා 40L, බස් සඳහා 60L සහ ලොරි සඳහා 200L දක්වා ලබාදීමට නියමිතය.

බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.

01 08 page 0001

01 08 page 0002