කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ(25) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරීන් 22 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකරුවන්ගේ ගමන් මලු තුළ පාසල් උපකරණ, රසකැවිලි සහ ව්‍යාජ පතුල් භාවිතා කර මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවත්, එක් එක් ගමන් මලක කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් තිබූ බවත් සඳහන් වේ.
මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙසද වාර්තා වේ.


