පසුගිය මාස 05ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 02කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සමත් වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම හා සමගාමීව ක්‍රියාත්මකවන මත්ද්‍රව්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මත්ද්‍රව්‍ය පාලනය සහ සැපයුම් ජාලය වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇති බවත්, අත්අඩංගුවට ගෙන ඇති මෙට්ට්‍රික් ටොන් 02කට ආසන්න මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ පරිහරණය කිරීම සඳහා ගෙන් වූ මත්ද්‍රව්‍යය තොග බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අතීතයේ දේශපාලන රැකවරණය තිබුණත් වර්තමානයේ එලෙස දේශපාලන සහයෝගය නොලැබෙන බවද කීය.
ජාතික ව්‍යසනයක් බව ට පත්ව ඇති මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව මේ රටේ ජනතාවට ලබා දුන් එක් පොරොන්දුවක් බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අවම කිරීම සඳහා කටයුතුකළ යුතු බවත්, ඒ් සඳහා පුනුරුත්ථාපන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බවද පැවසීය.
මේ වනවිට සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වන බවත්, ඒ ඒ ප්‍රදේශවල මහජනයා සමග බද්ධවෙමින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කටයුතුකරමින් යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


