අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ -2018-01- 02

    ජනවාරි 03, 2018

    අමාත්‍ය මණ්ඩල තීරණ -2018-1-2

     

     

    මුදල් කොමිෂන් සභා පනත සකස් කිරීම

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යභාරය වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා එම කොමිෂන් සභාව වෙත තවදුරටත් අවශ්‍ය බලතල ලබා දීම පිණිස නීති සම්පාදනය කිරීමට යෝජනා වී තිබේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් පත් කරන ලද අනුකමිටු‍ව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගනිමින්මුදල් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය බලතල දක්වමින් පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    වෛද්‍ය/සායනික විද්‍යාගාර සහ සෞඛ්‍යාරක්ෂණ සේවා සපයන්නන් සඳහා ජාතික ප්‍රතීතන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වෛද්‍ය/සායනික රසායනික රසායනාගාර හා විද්‍යාගාර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිසි ප්‍රමිතීන්ට අනුකූල බව තක්සේරු කරඑම ආයතන සඳහා ප්‍රතීතනය (accreditation) පිරිනැමීමේ කාර්යය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් සිදු කරනු ලැබේ. මෙම ක්ෂේත්‍රයට අදාළව ලැබී ඇති ප්‍රතීතන ඉල්ලුම් සලකා බලමින් රෝහල් සහ සෞඛ්‍යාරක්ෂණ සේවා සපයනු ලබන ආයතන සඳහා නව ප්‍රතීතන ක්‍රමයක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. රෝහලකට අදාළ පාරිභෝගික ආරක්ෂණයරෝගීන්ගේ හිමිකම් සහ අධ්‍යාපනයඖෂධ කළමනාකරණයආසාදන පාලනයපහසුකම්වල සුරක්ෂිතභාවයපුහුණුව වැනි අංග ආවරණය කරමින්ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිර්ණායක වැඩිදියුණු කිරීම ඒ යටතේ සිදු කිරීමට නියමිතය. 

    ඒ අනුවවෛද්‍ය/සායනික රසායනාගාර (රාජ්‍ය හා පෞද්ගලික) සහ ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය ආයතනවල තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්ජාතික ප්‍රතීතන යෝජනා ක්‍රමයක්සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යාතාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    'බදු පදනම ඛාදනය වීම සහ ලාභ විතැන්වීමේ' (BEPS) ව්‍යාපෘතිය සඳහා වන හවුල්කරු ගාස්තු ගෙවීම

    දේශීය සහ ජාත්‍යන්තර බදු ව්‍යූහයන්හි පවතින හිදැස් හේතුවෙන් ජාත්‍යන්තර ගණුදෙනුවල නිරත බහු ජාතික සමාගම් බදු බැඳියාව අවම කිරීමට හෝ බදු නොගෙවා සිටීමට අවස්ථා නිර්මාණය කරගනු ලබන බව පෙනී ගොස් තිබේ. මෙම ගැටලුව සඳහා පිළියම් යෙදීම පිණිස 'බදු පදනම ඛාදනය වීම සහ ලාභ විතැන්වීමේ ව්‍යාපෘතියනමින් කාර්ය සැලැස්මක් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (The Organization for Economic Cooperation and Development - OECD) සහ G-20 රටවල් විසින් සකස් කරනු ලැබ තිබේ. 

    ශ්‍රී ලංකාව 2016 වර්ෂයේදී එහි පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලද අතරමේ වන විට රටවල් 107ක් එම කාර්යරාමුව හා සම්බන්ධ වී තිබේ. බදු පැහැර හැරීම් සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී රාජ්‍යයන් සහ බදු පරිපාලකයින් වෙත පැහැදිලි විසඳුම් ලබා දීම මෙම කාර්යරාමු ව්‍යාපෘතිය මඟින් සිදු කෙරෙන බැවින් එහි සාමාජිකත්වය පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වේ. ඒ අනුවඑම ව්‍යාපෘතියෙහි සාමාජිකත්වය දැරීම වෙනුවෙන් යුරෝ30,000ක සාමාජික ගාස්තුවක් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය වෙත ගෙවීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    රජයට අයත් මෝටර් වාහන සංඛ්‍යාව

    රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ තිබේ. රජයේ සියලුම මූල්‍ය නොවන වත්කම් ආවරණය වන පරිදි සකස් කරන ලද මධ්‍යගත වත්කම් ලේඛනයක් පවත්වා ගැනීම එම කාර්යාලයේ මූලික කාර්යභාරය වේ. එම කාර්යාලය වෙත 2017 දෙසැම්බර් 14 වන දිනට ලැබී ඇති තොරතුරු අනුව රජයට අයත් වාහන පිළිබඳ සංඛ්‍යාලේඛන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතරඅමාත්‍ය මණ්ඩලය විසින් එම තොරතුරු සැලකිල්ලට ගන්නා ලදී. 

    එම තොරතුරුවල සාරාංශයක් පහත දැක්වේ. 

    රජයට අයත් සමස්ත වාහන සංඛ්‍යාව

    57,961

    එයින් ධාවනය කළ හැති තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව

    50,238

       මධ්‍යම රජය

    26,732

       රාජ්‍ය ව්‍යාපාර

    23,506

    ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන සංඛ්‍යාව

    7,723

       මධ්‍යම රජය

    5,922

       රාජ්‍ය ව්‍යාපාර

    1,801

    මෙයින් දැනට භාවිතයට නොගන්නා ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින මෝටර් වාහන කඩිනමින් අපහරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරින්ට උපදෙස් දීමටද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

     

     

    'සොඳුරු පියසසහනදායී ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පදනම පුළුල් කිරීම

    වර්ග අඩි 750ට වඩා අඩු නිවාස පුළුල් කිරීමට හෝ ඒවායේ ඉදි කිරීම් සම්පූර්ණ කිරීමට වෙර දරන එහෙත් මූල්‍යමය අපහසුතා නිසා එසේ කිරීමට නොහැකි අඩු ආදායම්ලාභීන් සඳහා රුපියල් 200,000ක් දක්වා අරමුදල් සැපයීමට 'සොඳුරු පියසසහනදායී ණය යෝජනා ක්‍රමය 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. 2020 වර්ෂය වන විට ණයලාභීන් 100,000ක් සඳහා මෙමඟින් ප්‍රතිලාභ සැලසීමට සැලසුම් කර ඇති අතර, 2017දෙසැම්බර් 14 දින වන විට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි කර ඇති ණයලාභීන් සංඛ්‍යාව 3,354ක් වේ. 

    නාගරික ප්‍රදේශයන්ගෙන් පිටත සිටින අඩු ආදායම්ලාභීන්ගේ හා පැරණි නිවාස හිමියන්ගෙන් බොහෝ දෙනෙකුගේ නිවාසයන්හි ප්‍රමාණය වර්ග අඩි 750ට වැඩි බැවින් ඔවුන් මෙම ණය යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුවමෙම ණය යෝජනා ක්‍රමය සඳහා සලකා බලනු ලබන අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල වර්ගඵලය වර්ග අඩි 1,000ක් දක්වා වැඩි කිරීම මඟින්'සොඳුරු පියසණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගැනීමට සුදුසුකම් ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    බේරේ වැව ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීම සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතු ඉඩම් නිදහස් කරගැනීම

    බේරේ වැව ජල තීරය ආශ්‍රිත ප්‍රදේශ මහජනතාවට විවෘත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති අතරඒ යටතේ බේරේ වැව හා ඩී.ආර්.විජේවර්ධන මාවත අතර පිහිටා ඇති ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට නියමිතය. සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) විසින් වර්තමානයේ භුක්ති විඳිනු ලබන මෙම ඉඩම් බේරේ වැව ආශ්‍රිත සංවර්ධන සැලැස්මට අනුව හෝටල් හා සංචාරක කලාපය සඳහා වෙන් කරනු ලැබ තිබේ.

    ඒ අනුවසංවර්ධන කාර්යයන් සඳහා ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි එකී ඉඩම් නිදහස් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්ස.තො.ස. ආයතනයටද ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ඉඩම් සඳහා වන රජයේ තක්සේරුව මත පදනම්ව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    භූගත ජලය තිරසර ලෙස කළමනාකරණය කිරීම

    ජනගහනය වර්ධනය වීමත් සමඟ සිදුවන විවිධ සංවර්ධන කටයුතු නිසා ශ්‍රී ලංකාවේ භූගත ජලය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ගෘහස්ථ පරිභෝජනය හැරුණු විට කෘෂිකර්මාන්තයජල බෝතල්කරණයසංචාරක හෝටල්වාහන සේවා ස්ථානවිවිධ කර්මාන්ත ආදිය සඳහා විශාල වශයෙන් භූගත ජලය භාවිතයට ගැනේ. භූගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත ජලය ලබාගැනීම නියාමනයකට යටත් කරනු ලැබ තිබේ. මෙහිදී නළ ළිං ඉදි කිරීමේ කර්මාන්තකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අංක 2010/23 දරන2017‑03‑16 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මඟින් නියම කරනු ලැබ තිබේ. 

    එම රෙගුලාසි අනුව කටයුතු නොකරනු ලබන නළ ළිං ඉදි කිරීමේ නියුක්ත කර්මාන්තකරුවන් සඳහා ජල සම්පත් මණ්ඩල පනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දඩ මුදල වැඩි කිරීමටත්නළ ළිං විදුම් යන්ත්‍ර සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම මඟින් නළ ළිං විදුම්කරුවන්ගේ ප්‍රමිතියක් ඇති කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    දස සිල් මාතා අධ්‍යාපන ආයතන වැඩිදියුණු කිරීම

    දැනට සසුන්ගතව සිටින දස සිල් මාතාවන් මෙන්ම අලුතින් සසුන්ගත වන දස සිල් මාතාවන් සඳහා අවශ්‍ය ධර්ම විනය පුහුණුව ලබා දීමට ප්‍රශස්ත මට්ටමේ වැඩ පිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබේ. දස සිල් මාතාවන් සඳහා අවශ්‍ය ධර්ම ශාස්ත්‍රීය දැනුමශාසනික වත් පිළිවෙත් පුහුණුව හා මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා දස සිල් මාතා අධ්‍යාපන ආයතන 04ක් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතරමෙම ආයතන නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා අනුග්‍රහය ලබා දීම අවශ්‍ය වේ. 

    ඒ අනුවදස සිල් මාතාවන් සඳහා වන අධ්‍යාපන ආයතන සඳහා ක්‍රමවත් ආයතනික ව්‍යූහයක් සකස් කිරීමටත්විධිමත් පාඨමාලාවක් හඳුන්වාදීමටත්එම ආයතනවල පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීමටත්ඒවායේ නඩත්තු වියදම් රජය මඟින් දැරීමටත් බුද්ධශාසන අමාත්‍ය අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    ද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට ණය පහසුකම් සලසා ගැනීම

    දිවයිනෙහි සමස්ත සංවර්ධනය සඳහා දායකත්වය සපයනු ලබන ආර්ථික කේන්ද්‍රස්ථාන වශයෙන් සංවර්ධනය කිරීමට තෝරා ගත් නගර 25ක ධාරිතා සංවර්ධනප්‍රතිසංස්කරණ හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේද්විතියික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘති සැලසුම් කිරීමමූලික ප්‍රසම්පාදන සහ විධිමත් පරිපාලන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීමටත්එම තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ණය පහසුකමක් ලබා ගැනීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම

    තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික විද්‍යා ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින්දෙරටේ අදාළ ආයතන අතර සබඳතාව හා සහයෝගිතාව ස්ථාපනය කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී තිබේ. 

    රාජ්‍ය පාලනයේදී හා පුරවැසියන් සඳහා සේවා සැපයීමේදී තොරතුරු තාක්ෂණික හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවන් භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් ලබා ගෙන ඇති අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙමඟින් ශ්‍රී ලංකාවට ඉඩ සැලසේ. ඒ අනුවයෝජිත අවබෝධතා ගිවිසුමට දෙරට අතර අත්සන් තැබීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    කළුතරදිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රදේශයේ අපනයන සංවර්ධන කලාපයක් ස්ථාපනය කිරීම

    අධිවේගී මාර්ග කලාප ඔස්සේ අපනයන කලාප ස්ථාපනය කිරීම සඳහා සුදුසු ඉ‍ඩම් හඳුනා ගැනීමටත්ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් 2018 අයවැය මඟින් රුපියල් බිලියන 2.5ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ බස්නාහිරදකුණමධ්‍යම හා වයඹ පළාත්වල ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප/ කාර්මික කලාප 12 ක් මේ වන විට උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන බැවින් නව ආයෝජන කලාප පිහිටුවීමට අවශ්‍යව ඇත. 

    විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකි වන පරිදිශ්‍රී ලංකාවේ කාර්මික උද්‍යානයක් ස්ථාපනය කිරීම සඳහා තායිලන්ත - ජපන් හවුල් ව්‍යාපාර සමාගමක් විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතරඒ සඳහා කළුතර දිස්ත්‍රික්කයේමිල්ලනිය ප්‍රදේශයෙන් සුදුසු ඉඩම් කොටස් කිහිපයක් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුවයෝජිත මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ස්ථාපනය කිරීම සඳහා හඳුනා ගනු ලැබ ඇති ඉඩම් කොටස් අදියර2ක් යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා ගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    තලවතුගොඩශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    තලවතුගොඩශ්‍රී ජයවර්ධනපුර රෝහල පාරේ මධ්‍යම පාන්තික නිවාස ඒකක 400කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් සැලසුම් කිරීමඉදි කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුවඅදාළ කොන්ත්‍රාත්තුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 6,997ක මුදලකට M/s. Yanjian Group Co. Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ 05, කාලිංග මාවත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම

    කොළඹ 05, කාලිංග මාවතේ ඉදි කෙරෙමින් පවතින නිවාස ඒකක 528කින් සමන්විත අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම හා අරමුදල් සම්පාදනය කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ. ඒ අනුවඅදාළ කොන්ත්‍රාත්තුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,898.7ක මුදලකට M/s. Maga Engineering (Pvt) Ltd. සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සලසා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

    වයස අවුරුදු 11 සිට 12 දක්වා වූ වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සැලසීමේ අරමුණින් පාසල් 100කට මූලික IoT (Internet of Things) පුහුණු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා BBC මයික්‍රො:බිට් උපකරණ 04 ක්, Sensor කිහිපයක්ආරෝපණ උපකරණයක් (Charger), Raspberry P i3 පරිගණකයක් ඇතුළත් පුහුණු කට්ටල 20ක් බැගින් ලබා දෙනු ඇත. 

    මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුවඅමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 99.21 මුදලකට Orel Corporation ආයතනය වෙත සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි වැඩ නිම කිරීම

    උතුරු පළාතේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් ඉදි කෙරෙන කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි වැඩ කටයුතු මේ වන විට අතර මග නතර වී තිබේ. එය කඩිනමින් ඉදි කර ජනතා අයිතියට පත් කිරීමේ අරමුණින්එහි ඉතිරි ඉදි කිරීම් කටයුතුරුපියල් මිලියන 141.9ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉටු කරගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර II ක්‍රියාත්මක කිරීම

    රත්මලාන - මොරටුව අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතියේ පියවර I - අදියර ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර යටතේ 2008 - 2015 කාලසීමාව තුළ සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබ තිබේ. එහි අදියර II යටතේ නව පොම්පාගාර 7ක් ඉදි කිරීමකිලෝමීටර 95ක් දිගැති අපජල රැස් කිරීමේ ජාලයක් ඉදි කිරීමමොරටුව පිරිපහදු මධ්‍යස්ථානයේ උපකරණ නවීකරණය කිරීම ආදිය සිදු කිරීමට නියමිත අතරඑමඟින් නිවාස 11,000කට සහ වාණිජ හා කාර්මික ස්ථාන 580කට පමණ අපජල බැහැර කිරීමේ පහසුකම් සැලසීමට හැකි වනු ඇත. 

    මෙම අදියර II ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 105.5ක් වැය වන අතරඉන් යුරෝ මිලියන 75ක් ලබා දීමට ප්‍රංශ සංවර්ධන ආයතනය එකඟ වී තිබේ. ඒ අනුවඑම අරමුදල් ලබා ගැනීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු හේතුවෙන් නියමිත පරිදි වාරි ජලය නිකුත් කිරීමට නොහැකිවීමෙන් 2017/2018 මහ කන්නයේ සිය වගාව අත්හැර දැමීමට සිදු වූ කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවිපවුල් 4,000ක් සඳහා සහන සැලසීම

    - 2017/2018 මහ කන්නය සඳහා ජල පාලන කමිටු තීරණ ප්‍රකාරව, 2017‑11‑10 දින සිට ඇළහැරගිරිතලේමින්නේරිය හා කවුඩුල්ල වාරි ව්‍යාපාරවලට ජලය නිකුත් කිරීමට නියමිතව තිබූ අතරමොරගහකන්ද ජලාශයේ ඉදි කිරීම් නිර්මිත පරීක්ෂණ කටයුතු නිම කිරීම සඳහා ජලය එක්රැස් කිරීමට සිදු වීම නිසා කවුඩුල්ල ජලාශයේ ඉහළ ඇළ යටතේ වාරි පහසුකම් ලබා දෙනු ලබන ගොවීන් 4,000කට පමණ මෙවර මහ කන්නය සඳහා ජලය ලබා දීමට නොහැකි වී තිබේ. 

    ඒ හේතුවෙන් 2017/2018 මහ කන්නයේ සිය වගාව අත්හැරීමට සිදු වූ කවුඩුල්ල වාරි ව්‍යාපාරයේ ගොවි පවුල් 4,000 සඳහා රුපියල් 10,000/- බැගින් වූ විශේෂ සහනාධාරයක්ඔවුන්ට දැනටමත් ලබා දෙනු ලබන රුපියල්5,000/- වියළි සලාකයට අමතරවඉදිරි මාස 03ක කාලසීමාව සඳහා ලබා දීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    2018 වසරේ රාජ්‍ය ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම

    - 2017 අංක 30 දරන විසර්ජන පනතට අනුව 2018 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත උපරිම රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව රුපියල් බිලියන 1,893ක් වේ. මෙයින් රුපියල් බිලියන 1,150ක් ණය ආපසු ගෙවීම සඳහා දරුපියල් බිලියන 743ක් සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් වියදම් සඳහා ද භාවිත කිරීමට නියමිතය. මෙම රුපියල් බිලියන 1,893ක ණය ප්‍රමාණයෙන් රුපියල් බිලියන 1,313ක් දේශීය ණය මූලාශ්‍රවලින්දරුපියල් බිලියන580ක් විදේශීය ණය මූලාශ්‍රවලින්ද ලබාගැනීමට අපේක්ෂා කෙරේ. දේශීය මූලාශ්‍ර මඟින් ලබාගැනීමට යෝජිත ණයභාණ්ඩාගාර බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වැනි ණය උපකරණ නිකුත් කිරීම මඟින් ලබාගැනීමට නියමිතය. 

    ඒ අනුව, 2018 වර්ෂය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 3,000ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 456ක්) ලබාගැනීමට සැලසුම් කර ඇති අතරශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ එම බැඳුම්කර නිකුතුව සිදු කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    2018 වසරේ රාජ්‍ය ණය වැඩසටහන යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම

    - 2018 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළඇමරිකානු ඩොලර් මිලියන 2,000ක් දක්වා අරමුදල්ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වීමෙන් සිය පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ලබා දෙනු ලබන නිවාස කුලී දීමනාව තවදුරටත් ලබා දීම

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්ව තම නිත්‍ය වාසස්ථානවලින් ඉවත් කරන ලද පවුල් සඳහා රජය විසින් පදිංචියට සුදුසු විකල්ප ඉඩම් ලබා දෙනු ලබන තෙක් මාසික නිවාස කුලී දීමනාවක් මාස 06ක කාල සීමාවක් සඳහා ලබා දීමට 2017‑08‑29 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී. එම පවුල් නැවත පදිංචි කිරීම සඳහා හඳුනාගන්නා ලද බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටස් කිහිපයක් ද පදිංචිය සඳහා ප්‍රමාණවත් තරම් ආරක්ෂිත නොවන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් වාර්තා කරනු ලැබ තිබේ. ඒ අනුවමෙම කාර්යය සඳහා සුදුසුවන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් හඳුනාගනු ලැබ ඇති අතරඊට අදාළ ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී. 

    එබැවින්උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශය පරිදිමෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිය පදිංචි ස්ථානවලින් ඉවත් කරනු ලැබ ඇති පවුල් සඳහා දැනට ලබා දෙනු ලබන මාසික නිවාස කුලී දීමනාව තවත් මාස 06ක කාලසීමාවක් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya