අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-12-20

    දෙසැම්බර් 20, 2017

    අමාත්‍ය මණ්ඩල තීරණ 2017-12-20

     

     

    951 අංක 24 දරන වෙඩිපිටි සහ හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම

    මෙරට ස්ථාපිත කර ඇති වෙඩිපිටිආරක්ෂක අමාත්‍යාංශය විසින් වර්තමානයේ පුහුණුව සඳහා ලබා දෙනු ලබන්නේ ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලීසිය සඳහා පමණි. පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතනවලරාජ්‍ය බැංකුවලරාජ්‍ය ආයතනවල සහ අර්ධ රාජ්‍ය ආයතනවල ආරක්ෂක නිලධාරින් වශයෙන් බඳවා ගනු ලබන තැනැත්තන්ට සහ වෙළඳ නෞකාවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවනු ලබන තැනැත්තන්ට ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය පරිහරණය පිළිබඳ පුහුණුව වඩාත් විධිමත්ව ලබා දීම පිණිස එම වෙඩිපිටි යොදා ගැනීම කාලීන අවශ්‍යතාවක්ව තිබේ. 

    ඒ අනුවඑම කාර්යය සඳහා එකී වෙඩිපිටි භාවිත කිරීමට ඉඩ සැලසිය හැකි වන පරිදි, 1951 අංක 24 දරන වෙඩිපිටි සහ හමුදා පුහුණු පනත සංශෝධනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    'ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයපාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීම

    ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති බැවින් රටෙහි ආරක්ෂාවට සාම්ප්‍රදායික මෙන්ම සාම්ප්‍රදායික නොවන ආකාරයේ තර්ජන මතුවීමේ අවදානමක් පවතී. එබැවින්රටේ ජාතික ආරක්ෂාව හා ස්ථාවරත්වය කෙරෙහි බලපාන ගැටලු හඳුනාගෙනඑම ගැටලු සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි උපායමාර්ග පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදිරජයපෞද්ගලික අංශය මෙන්ම සිවිල් සමාජය ද ඇතුළත් පොදු කතිකාවක් ඇති කිරීමට සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම් කේන්ද්‍රස්ථානයක් වශයෙන් කටයුතු කිරීමට කැපවුණු බුද්ධි මණ්ඩලයක් වශයෙන් 'ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය' 2016 වර්ෂයේදී පිහිටුවනු ලැබිණි. 

    එකී පරමාර්ථ විධිමත් පරිදි ඉටු කරගැනීමට හැකි වන පරිදි, ' ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයපාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාපනය කිරීමටත්ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම

    වනාන්තර ආශ්‍රිතව ඇති වන ගිනි ගැනීම්මෙරට ස්වාභාවික වනාන්තර ප්‍රමාණය අඩුවීමට බල පා ඇති ප්‍රධාන හේතු අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික ලැව්ගිනි ඇති නොවන අතරවනාන්තර ප්‍රදේශවල හට ගන්නා ගිනි ගැනීම් සියල්ල මිනිසාගේ නොසැලකිල්ල නිසා ඇතිවන ගිනි ගැනීම් හෝ වුවමනාවෙන්ම සිදු කරනු ලබන ගිනිතැබීම් බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්මගව හිමියන් විසින් ළපටි තෘණ ලබාගැනීමේ අරමුණින් තණබිම්වලට ගිනි තබනු ලබන අතරඒවා පැතිර යාමෙන් වනාන්තර ගිනි ගැනීම්වලට ලක්‍ වේ. දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා දහේන් ගොවියන් විසින් ගොවිතැන සඳහා ද වනාන්තරවලට ගිනි තබනු ලැබේ. දුම්රිය මාර්ග කම්කරුවන් විසින් සිය ප්‍රයෝජනය සඳහා සිදු කරනු ලබන ගිනි දැල්වීම්ඇතැම් ගැමියන් විසින් කැලෑ මායිම්වල පිහිටි සිය ඉඩම්වල සිදු කරනු ලබන ගිනි දැල්වීම්මාර්ගවල ගමන් කරන්නන් විසින් ඉවත ලන දල්වන ලද සිගරට් කොට හා ගිනිකූරු ආදිය ද නොසැලකිලිමත් ගිනි තැබීම්වලට හේතුවන අතරඇතැමුන් විසින් හුදු විනෝදය සඳහා ද වනාන්තර ගිනි තබනු ලබයි. 

    වියළි කාලයේ ගිනි ගැනීම් හේතුවෙන් පස නිරාවරණය වී මෝසම් වර්ෂා කාලයේදී සෝදාපාළුවට ලක්වීම හා මෙම පස් සෝදා ගෙන ගොස් ගංගාඇළ මාර්ග ආදිය අවහිර වීම හා ජලාශවල රොන්මඩ වශයෙන් තැන්පත් වීමෙන් එවායේ ධාරිතාව අඩුවීමශාක හා සත්ත්ව ප්‍රජාව විනාශ වීම සහ ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීමකාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදා හැරීම ආදි අහිතකර ප්‍රතිවිපාක රැසක් මෙමඟින් ඇති වේ. 2016 වර්ෂයේදී පමණක් මෙරට වනාන්තර හෙක්ටයාර 2,945ක් පමණ ගිනි ගැනීම්වලට ලක් වී ඇත. 

    ඒ අනුවවනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම හා වළක්වා ලීමේ අරමුණින්වනාන්තර තුළට ගිනි ගැනීම් පැතිරීම වළක්වා ලන පරිදි ගිනි ආරක්ෂණ බිම් තීරු (fire belts) ඇති කිරීමගිනි ගැනීම් බහුලව වාර්තා වන ප්‍රදේශ ආශ්‍රිතව ගනි නිවීම් හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීමමහජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් මාලාවක්මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රත්මලාන ගුවන්තොටුපොළේ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීම

    - 1938 වර්ෂයේදී පිහිටුවන ලද රත්මලාන ගුවන්තොටුපොළ වාණිජ සිවිල් ගුවන් යානා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු ගුවන්තොටුපොළ වන අතර, 1969 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපොළ විවෘත කරනු ලබන තෙක් දේශීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ද මෙම ගුවන්තොටුපොළ භාවිත කරන ලදී. මීටර 1860ක දිගකින් හා මීටර 45ක පළලකින් යුත් ධාවන පථයක් මෙම ගුවන්තොටුපොළ සතු වන අතරඑහි බිම් වපසරිය අක්කර 460ක් වේ. කොළඹ නගරයට ඉතා ආසන්නව පවතින මෙම ගුවන්තොටුපොළේ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරීම මඟින් විශාල ප්‍රතිලාභයක් ලබාගැනීමේ හැකියාව පවතින නමුත්එම කටයුතු පුළුල් කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම ගැටලුවක්ව පවතී. 

    එබැවින්එම ගුවන්තොටුපොළේ ධාවන පථයට දකුණු ප්‍රදේශයේ පවතින අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් සිවිල් ගුවන්සේවා කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුවඑම භූමි ප්‍රමාණයෙහි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොටස් එම හමුදාවේ එකඟතාව ඇතිවගුවන්තොටුපොළේ උතුරු පරිශ්‍රයෙහි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ද්විපාර්ශ්වික උපදේශක යන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බෙල්ජියම අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම

    ශ්‍රී ලංකාව හා බෙල්ජියම අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා හා සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින්දෙරට අතර උපදේශක යන්ත්‍රණයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා බෙල්ජියමේ රාජ්‍ය සේවා විදේශ කටයුතුවිදේශ වෙළඳාම හා සංවර්ධන සහයෝගිතාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'සංහිඳියාවේ නාලිකාවසඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදි කිරීමට ඉඩමක් පවරා ගැනීම

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ දෙවන නාලිකාව වශයෙන් 2000 වර්ෂයේදී ආරම්භ කර පවත්වාගෙන යනු ලබන 'අයි' (Eye) නාලිකාවෙහි විකාශන කාලයෙන් වැඩි ප්‍රමුඛතාවක් ක්‍රීඩා වැඩසටහන් සඳහා ලබා දීම හේතුවෙන්දෙමළ භාෂාව කථා කරන විශේෂයෙන්ම උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ජනතාව සඳහා වෙන් වූ නාලිකාවක අවශ්‍යතාව මතු වී තිබේ. ජාතික සංහිඳියාව ගොඩනැංවීමේදී මෙවැනි රූපවාහිනි නාලිකාවක් තිබීම මනා පිටිවහලක් වන බැවින්, 'සංහිඳියාවේ නාලිකාවනමින් නව නාලිකාවක් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබ ඇති අතරඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබා දෙනු ලැබ තිබේ. එම නව නාලිකාව සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විට ඇණවුම් කරනු ලැබ ඇති අතරඑහි විකාශන කටයුතු වෙනුවෙන් උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදි කිරීම අවශ්‍ය වේ. 

    ඒ අනුවචාවකච්චේරිය ප්‍රදේශ‍යේ පිහිටියාපනය/මීසාලෛ වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන්පර්චස් 100ක භූමි ප්‍රමාණයක් එම මැදිරි සංකීර්ණය ඉදි කිරීම සඳහා යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන් කර දෙනු ලැබ ඇත. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත පවරා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය පුහුණුවපරීක්ෂණතාක්ෂණික සහ කළමනාකරණ උපදේශක සේවා සැපයීමේ වගකීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය වෙත පැවරී තිබේ. මෙම ආයතනය සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට මුලින් සැලසුම් කර තිබුණද එහි යෝජිත හා අනාගත ක්‍රියාකාරකම් පුළුල් කිරීම් සැලකිල්ලට ගනිමින් එය මහල් හයක් (06) දක්වා ඉහළ නැංවීමට පසුව තීරණය කරනු ලැබ තිබේ. ඒ අනුවඅදාළ ගොඩනැඟිල්ලමහල් හයකින් යුක්තව ඉදි කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ වරාය නගරයෙහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතරඑහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය. මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතරඑහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ. යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතරඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ. 

    යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතරඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරය ප්‍රතීතනය කිරීම

    අමු රබර් හා අගය එකතු කළ රබර් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කිරීම මඟින් මෙරට සමස්ත අපනයන ආදායමෙන් 8%ක් පමණ උපයා ගනු ලැබේ. කලින් කලට හඳුන්වා දෙනු ලබන සම්මත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා උසස් තාක්ෂණයට අනුකූලව ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන බවට සහතික කිරීම සඳහා එම නිෂ්පාදන සඳහා භාවිත කරනු ලබන අමු රබර්වල තත්ත්වය සනාථ කිරීමේ වගකීම ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ 'අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරයවෙත පැවරී ඇත. 

    දැනට වසර 40කට පමණ පෙර ස්ථාපනය කරනු ලබන මෙම විද්‍යාගාරය කාලීන අවශ්‍යතාවන්ට හා ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුකූල වන පරිදි නවීකරණය කළ යුතුව තිබේ. ඒ අනුවශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අමු රබර් සහ රසායනික විශ්ලේෂණ විද්‍යාගාරය ප්‍රතීතනය කරන ලද විද්‍යාගාරයක් වශයෙන් නවීකරණය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහාධිකරණයේ දිනපතාම නඩු විභාග කිරීම අනිවාර්ය කිරීම

    ජූරි සභාවක් සහිතව හෝ රහිතව මහාධිකරණයේ පැවැත්වෙන සෑම නඩු විභාගයක්මහැකි සෑම විටක දී මදිනපතා පැවැත්විය යුතු බව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 263(1) වන අතුරු විධානයේ සඳහන් වේ. නමුත්එසේ නඩු විභාග දිනපතා නොපැවැත්වෙන අතරඒ හේතුවෙන් නඩු විශාල සංඛ්‍යාවක් මහාධිකරණවල ගොඩගැසී තිබේ. 2017 සැප්තැම්බර් මාසය වන විට මෙරට මහාධිකරණවල විභාග වෙමින් පැවති මුළු නඩු සංඛ්‍යාව 17,565ක් විය. යුක්තිය පසිඳලීම ප්‍රමාද වීම අහිතකර ප්‍රතිවිපාකවලට හේතු වන බැවින් මෙම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම අවශ්‍ය වේ. 

    ඒ අනුවවිශේෂ අවස්ථාවලදී සහ සඳහන් කිරීමට ප්‍රමාණවත් තරම් සාධාරණ හේතු තිබෙන අවස්ථාවලදී හැරමහාධිකරණයේ නඩු විභාග දිනපතා පැවැත්වීම අනිවාර්ය කිරීම සඳහා විධිවිධාන සලසමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීම

    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ යුතු අතිවිශාල රාජකාරිවලින් කොටසක් පැවරීමට විද්‍යාලයේ දෙවන පාලනාධිකාරියක් පැවතීමේ වැදගත්කම සැලකිල්ලට ගෙනනීති විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීම සඳහා නීති විද්‍යාලයේ කාර්ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධ රීති සංශෝධනය කිරීමට නීති අධ්‍යාපන සභාව විසින් කටයුතු කරනු ලැබ තිබේ. 

    අධිකරණ ඇමතිවරයා විමසමින් නීති අධ්‍යාපන සභාව විසින් සකස් කරන ලද එම සංශෝධන රීති 2017-11-28 දිනැති අංක 2047/27 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. එම ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරින් පුහුණු කිරීම සඳහා දකුණු කොරියාවේ ප්‍රතිපත්ති හා කළමනාකරණ පුහුණු ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරින්ගේ හැකියාව වර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) වෙත පැවරී තිබේ. මෙම පුහුණු වැඩසටහන්වල ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා විදේශීය අධ්‍යාපන ආයතන සමඟ සිය සබඳතා පුළුල් කරගැනීමට එම ආයතනය කටයුතු කරමින් සිටියි. 

    ඒ අනුවරාජ්‍ය ප්‍රතිපත්තිපරිපාලනමානව සම්පත් කළමනාකරණ යන ක්ෂේත්‍රයන්හි නිපුණතා සංවර්ධනය හා දැනුම හුවමාරුව සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන KDI School of Policy and Management සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අතර අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    'ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයසහ 'ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයමඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීම

    වඩා වැඩි ප්‍රායෝගික දැනුමක් ලබා දෙනු ලබන තාක්ෂණික හා වෘත්තීය උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් වෙන වෙනම පාර්ලිමේන්තු පනත් යටතේ 'ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයසහ 'ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයස්ථාපිත කරනු ලැබ තිබේ. එම විශ්වවිද්‍යාල මඟින් පිරිනමනු ලබන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය හා පිළිගැනීම ඉහළ නැංවීමේ අරමුණින්විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා දැනට අනුගමනය කරනු ලබන ආයතනික සමාලෝචන හා විෂය/වැඩසටහන් සමාලෝචනය කිරීමේ ක්‍රමවේදය එකී විශ්වවිද්‍යාල දෙක සඳහා ද සුදුසු පරිදි අදාළ කරගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාමුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කිරීමට යෝජිත උමං ඇළ මාර්ගයන්හි ඉදි කිරීම් සඳහා උපදේශක සේවා ලබාගැනීම

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ 2018 වර්ෂයේදීකළු ගඟ - මොරගහකන්ද හැරවුම් උමං ඇළ මාර්ගය සහ ඉහළ ඇළහැර ඇළෙහි 3 හා 4 උමං ඇළ මාර්ග ඉදි කිරීමට නියමිතය. එම ඉදි කිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් කළමනාකරණයඉදි කිරීම් අධීක්ෂණයප්‍රාරම්භය සහ මෙහෙයුම් සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුවදැනට මෙම වැඩසටහනෙහි උපදේශකවරුන් වන Lhameyer International Gmbh GeoConsult ZT GmbH ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිණුම් පහසුකම් සැපයීම ඇතුළු‍වමිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන වම් ඉවුර හා දකුණ ඉවුර ඇළ මාර්ග සඳහා ජල පාලන හා මිනුම් පහසුකම් සැපයීම ඇතුළු‍වමිණිපේ අමුණ උස් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,576.9ක මුදලකට, China Gezhouba Group Company Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පිටකොටුව මැනිං වෙළඳපළ පෑලියගොඩ ප්‍ර‍ෙද්ශයේ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ඉදි කිරීම

    පිටකොටුව ප්‍රදේශයේ මැනිං වෙළඳපොළ පිහිටි භූමි ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ අදාළ භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ කාර්යයන් මේ වන විට අවසන් වීමට ආසන්නව තිබේ. 
    ,BR> ඒ අනුවඑහි ඊළඟ අදියර ලෙස සැලසුම් කරනු ලැබ ඇති උපරිව්‍යූහය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 4,507ක මුදලකට මාගා ඉංජිනියරින් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ලක් විජය බලාගාරයේඒකක 02හි ටර්බයිනය සහ අදාළ ප්‍රධාන උපාංගවල නඩත්තු කටයුතු සිදු කිරීම

    පුත්තලමලක්විජය ගල් අඟුරු බලාගාරය මෙගාවොට් 300 බැගින් වූ ඒකක 03කින් සමන්විත වේ. 2014 වර්ෂයේදී ජනන කටයුතු ආරම්භ කරන ලද එහි දෙවන ඒකකයේ ටර්බයිනයේ ප්‍රධාන පද්ධති 15ක් අඩංගු වන අතරඑම පද්ධතිවල ප්‍රථම වරට කරනු ලබන නඩත්තු කටයුතු සිදු කළ යුතුව තිබේ. මෙම බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා බලාගාරයේ මුල් කොන්ත්‍රාත්කරු වන China Machinery Engineering Corporation (CMEC) ආයතනය සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුම 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා වලංගු වේ. 

    ඒ අනුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදිඑම නඩත්තු කටයුතු සිදු කිරීමේ කොන්ත්‍රාත්තුවරුපියල් මිලියන 263.4ක මුදලකට China Machinery Engineering Corporation (CMEC) ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියෙහි ඉතිරිව ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් තවත් පාලම් 44 ක් ඉදි කිරීම

    ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගමනාගමන දුෂ්කරතා මඟහරවා ගැනීමේ අරමුණින් වානේ පාලම් ඉදි කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබ ඇති ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2018 මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ දෙවන හා තුන්වන අදියර යටතේ වෙන් කරනු ලැබ ඉතිරි වී ඇති අවිනිශ්චිත වියදම් උපයෝගි කරගනිමින්අතිරේක ග්‍රාමීය පාලම් 35ක් සහ සෑම පළාතකටම එක බැගින් තාවකාලික පාලම් 09ක් සැලසුම් කර ඉදි කිරීමටත්ඒ අනුව ව්‍යාපෘතියේ කාලසීමාව 2018 අගෝස්තු මස 31 දින දක්වා දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    හෝමාගමදියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ කෘත්‍රිම ධාවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීම

    අලුත්වැඩියා කිරීම් හා වැඩිදියුණු කිරීම්ද ඇතුළත්වහෝමාගමදියගම යෝජිත ක්‍රීඩා ඇකඩමියේ ධාවන තීරු නවයකින් යුත් මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඇතිරීම සහ පාපන්දුහොකී හා රගර් ක්‍රීඩා කිරීමට මධ්‍යයෙහි තණ පිටියක්ද සහිතවමලල ක්‍රීඩා සඳහා පිටිය පහසුකම් ඇති කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදිරුපියල් මිලියන 310ක මුදලකට CML- MTD Construction Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය බල සංග්‍රාමයවැඩසටහන යටතේ කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීම

    - 'සූර්ය බල සංග්‍රාමයවැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතරඑම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා‍ ගනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ අදියර 02 යටතේග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මතමෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර 60 ක් ඉදි කිරීම සඳහාපෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ තිබේ. 

    ඒ අනුවඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි තෝරාගනු ලැබූ ආයෝජකයින් වෙත අදාළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර් ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කාබනික ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම හා එම නිෂ්පාදන සඳහා අපනයන වෙළඳ පොළ විවෘත කර දීම

    රසායනික පොහොරකෘමිනාශක හා පලිබෝධනාශක භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන කාබනික ආහාර ද්‍රව්‍ය සඳහා ජාත්‍යන්තර වෙළඳ ‍පොළේ විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී. එබැවින්, 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනයටතේ කාබනික ගොවිතැනට සම්බන්ධ ගොවීන් 15,000ක් පමණ තෝරාගෙනවිධිමත්ව කාබනික ගොවිතැනෙහි නිරත වීමට අවශ්‍ය මූලික දැනුම හා පුහුණුව ලබා දීමටත්ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේදී වැදගත් වන කාබනික කෘෂි නිෂ්පාදන සහතිකය ලබා දීමටත්එම නිෂ්පාදන අපනයනය කිරීමට පහසුකම් සැලසීමටත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 

    එමෙන්මකාබනික පොහොර යොදා බිම්මල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් සහ දැනුම සහිත විශේෂඥ කණ්ඩායම් චීනයෙන් ගෙන්වා ගෙනතරුණ ගොවීන් 2,500කට තාක්ෂණික පුහුණුව ලබා දීමටත්ඔවුන්ට වෙළඳ පොළ අවස්ථා සහ මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා වී තිබේ. තවදතරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට නැවත ආකර්ෂණය කරගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිත කරනු ලබන ආදර්ශ ගොවිපළ කිහිපයක් රට තුළ ස්ථාපනය කරඑමඟින් 6,500ක පමණ තරුණ තරුණියන් පිරිසකට කෘෂි ව්‍යවසායකත්ව දැනුම ලබා දීමට ද සැලසුම් කර තිබේ. 

    දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොළ වෙත අපනයනය කරමින් ඉහළ ආදායමක් ලබාගැනීමට මෙරට ගොවීන් වෙත ඉඩ සැලසීම අරමුණු කරගනිමින්ඉහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සමාජ සවිබලගැන්වීම්සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් සපයා ගැනීම

    මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ කාර්යභාරය පසුගිය කාලසීමාව තුළ විශාල වශයෙන් පුළුල් වී ඇති අතරඊට සමගාමීව රෝහලේ ඉඩ පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. මෙම රෝහල සඳහා හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම අත්‍යවශ්‍ය වන අතරඒ සඳහා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතරෝහලට යාබද ඉඩම් කොටසක් යොදාගත යුතු වේ. 

    මෙම රෝහල් ඉඩමෙන් හෙක්ටයාර 01ක පමණ ඉඩම් කොටසක් 2001 වර්ෂයේදී පෞද්ගලික පාර්ශ්වයක් වෙත වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දී ඇති නමුත්අදාළ බදු කොන්දේසි සපුරා ලීමට එම ආයතනය අපොහොසත් වී ඇත. ඒ අනුවඅදාළ බදු ගිවිසුම අවලංගු කරඑම ඉඩම් කොටසනැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සඳහා නිදහස් කරගැනීම පිණිස සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දකුණු පළාතේ කනිෂ්ඨ පොලිස් නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම

    දකුණු පළාතේ ගාල්ලමාතරඇල්පිටිය හා තංගල්ල යන ප්‍රදේශයන්හි පිහිටා ඇති පොලිස් කොට්ඨාසයන්හි සේවයේ නියුතු කනිෂ්ඨ පොලිස් නිලධාරින් හට ප්‍රමාණවත් පරිදි නිල නිවාස පහසුකම් සැපයීමේ අරමුණින්ගාල්ලවැකුණගොඩ 'නිල සෙවණනිවාස ව්‍යාපෘතියෙන් නිවාස 192ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීමට තීරණය කරනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 729.6ක අරමුදල් සලසා ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමයවැටුප් හා වෘත්තීයමය ගැටලු විසඳීම

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමයවැටුප් හා වෙනත් වෘත්තීයමය ගැටලු විසඳීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡා කරනොපමාව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් දඑම කමිටුවට සහාය වීම සඳහා නිලධාරි කමිටුවක් ද පත් කිරීමට 2017‑12‑12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. 

    එම අමාත්‍ය අනුකමිටුව විසින් අදාළ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වනු ලැබ ඇති අතරශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි පරිපාලනමය හා වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන්අදාළ සියලුම පාර්ශ්ව සමඟ ඒකාබද්ධව සාකච්ඡා කර විසඳුම් සෙවීමටත්දුම්රියසෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත සේවා ලෙස නැවත සකස් විය යුතු බවටත් නිර්දේශ කරනු ලැබ තිබේ. 

    ඒ අනුවඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍ය අනුකමිටුවෙන් ඉල්ලා සිටීමටත්එහිදී එම කමිටුවට පහසුකම් සැලසීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් සහ තවත් අමාත්‍යාංශ 03ක ලේකම්වරුන්ගෙන්රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයෙකුගෙන් හා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නියෝජිතයෙකුගෙන් සහ පෞද්ගලික අංශයේ පිරිස් කළමනාකරණ විශේෂඥයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

     

    ජීවන වියදම පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සහ ජලගැලීම් සහ නියං සහන ලබා දීම

    අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන් රට තුළ ආහාර සැපයුමට බලපෑම් එල්ලවීමෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇත. එමෙන්ම මෑතකදී ඇති වූ ගංවතුර හා නියං තත්ත්වයන් හේතුවෙන් ද ජනතාවගේ ජීවනෝපායන්ට බාධා එල්ල වී තිබේ. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජීවන විදයම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් සාකච්ඡා ගණනාවක් පවත්වනු ලැබ තිබේ. එහිදී ගනු ලැබූ තීරණ අනුවපහත සඳහන් ක්‍රියමාර්ග නොපමාව ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: 

    i. ගෘහ ඒකක සඳහා දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම ‍සමාලෝචනය කිරීම සඳහා අදාළ නිලධාරින්ගෙන් සමන්විත 'පවුල් අයවැය ඒකකයක්ස්ථාපිත කිරීම.

    ii. ජීවන වියදම් පිළිබඳ අනුකමිටුව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් හා අනෙකුත් අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් යුතු සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීම. 

    iii. සුපිරි වෙළඳසැල්සතොස හා අනෙකුත් පෞද්ගලික වෙළඳසැල් මඟින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය දක්වා හාල්පරිප්පුසීනිහාල්මැස්සන්ළූණුඅලටින්මාළු යන අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් සහන මල්ලක් බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. 

    iv. ඒ සඳහා සහභාගි වන ආයතන හා සිල්ලර වෙළඳුන් විසින් ගෙවනු ලබන ආදායම් බද්දෙන් 50%ක් ප්‍රතිපූරණය කිරීමටත්විදුලි වියදම සඳහා බදු සහන ලබා දීමටත් වැඩපිළිවෙළක් සකස් කිරීම. 

    v. පොල් මද ආනයනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා එම කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ට පැවරීම. 

    vi. පොල් ආනයනය කිරීමේදී ඕස්ට්‍රේලියාව විසින් අනුගමනය කරනු ලබන නිරෝධායන ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ද ස්ථාපිත කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ සහාය ලබාගැනීමේ හැකියාව සොයා බැලීම. 

    vii. ගංවතුරින් විපතට පත් වූ පුද්ගලයන් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ගෙවීමට එකඟ වී ඇති වන්දි මුදල හා තක්සේරු වටිනාකම අතර වෙනස 2017 දෙසැම්බර් මස 31 දිනට පෙර දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ආපදාවට ලක්වූ පුද්ගලයන් වෙත ගෙවීම. 

    viii. අයහපත් කාලගුණය හේතුවෙන් වගා කන්න තුනක් හෝ හතරක් හානි වී ඇති කුරුණෑගලපුත්තලමඅනුරාධපුරයපොළොන්නරුව සහ වන්නි දිස්ත්‍රික්කවල ගොවි පවුල්වලට සහන සැලසීම පිණිස අවශ්‍ය පියවර ගැනීම. 

    ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය සහ වනජීවි සම්පත් සංරක්ෂණය තහවුරු කිරීම සඳහා වනජීවී නිලධාරින්පොලිස් නිලධාරින් හා ආරක්ෂක හමුදා විසින් ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරීම

    වනජීවී රක්ෂිත තුළ හා ඉන් බැහැර වනජීවී සම්පත්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය බලතලවනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ වනජීවී නිලධාරින් හා පොලිස් නිලධාරින් වෙත පවරනු ලැබ තිබේ. අලි - මිනිස් ගැටලුව ද ඇතුළුව වනසතුන් හා මිනිසුන් අතර වන ගැටුම් කළමනාකරණය හා බැඳුණු රාජකාරි ද වනජීවී සංරක්ෂණ නිලධාරින් වෙත පවරනු ලැබ තිබේ. සෑම වසරකම වනඅලි 240ක් පමණ අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත් වෙති. මේ අතර පසුගිය කාලසීමාව තුළ වනජීවී රක්ෂිත තුළදීම දළ ඇතුන් මරා දමන ලද අවස්ථා කිහිපයක් වාර්තා විය. 

    මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ලීමේ අරමුණින්දළ ඇතුන් ද ඇතුළත්ව මෙරට අලි ගහනය සහ අනෙකුත් වනජීවීන් ස්වාභාවික වනාන්තර තුළදීම ආරක්ෂා කිරීම සඳහාවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවපොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක හමුදාවල නිලධාරින්ගෙන් සමන්විත ඒකාබද්ධ කාර්යසාධක බලකායක් ඇති කරක්ෂේත්‍ර මුර සංචාර සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත්අවශ්‍ය අවස්ථාවන්හිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහාය ද ඒ සඳහා ලබාගැනීමටත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 

    තවදවනඅලි ඝාතනයකදී උසාවියකින් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකි වන පරිදිවනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

     

    නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානය (Nanotechnology & Science Park) පුළුල් කිරීමේ කටයුතු

    පෞද්ගලික අංශයේ ද සහභාගිත්වය ඇතිව රට තුළ පර්යේෂණ පදනම් කරගත් පරිසරයක් ඇති කිරීමේ අරමුණින්ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය (SLINTEC) ආරම්භ කරනු ලැබ තිබේ. දැනට පෞද්ගලික සමාගම් හයක් මෙම ආයතනයේ පර්යේෂණ වැඩසටහන් සඳහා හවුල් වී සිටින අතරතවත් සමාගම් ගණනාවක් එවැනි පර්යේෂණ වැඩසටහන් සඳහා කැමැත්ත පළ කර තිබේ. දේශීය නිෂ්පාදන සඳහා අමතර අගය එකතු කිරීම් සිදු කරජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි තරගකාරී නිෂ්පාදන බවට පත් කිරීමේ හැකියාව මෙම පර්යේෂණ කාර්යයන් මඟින් ලැබෙනු ඇත. එමෙන්ම පර්යේෂණ සඳහා සුදුසු යටිතල පහසුකම් සපයා දීම මඟින් විද්‍යාඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි නිපුණ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සේවය නැවත මෙරටට ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇති අතරජාත්‍යන්තර සමාගම් විසින් මෙරට සිදු කරනු ලබන ආයෝජන ඉහළ නැංවීමට ද එය හේතු වනු ඇත. 

    ඒ අනුවහෝමාගමපිටිපනමාහේන්වත්තේ පිහිටි නිනිති තාක්ෂණ හා විද්‍යා උද්‍යානයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී ඇති අතරඑහි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යාතාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් 2018 වසර තුළ ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම -

    එක්සත් රාජධානියජර්මනියප්‍රංශයඉන්දියාව සහ චීනය යන රටවල්වල ප්‍රියතම සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙය ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු නියෝජිතායතනයක් තෝරාගැනීමේ කාර්යය විවිධ හේතු නිසා ප්‍රමා‍ද වී ඇති අතරඑය කඩිනම් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

    ඒ අනුවආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදිඩිජිටල් ප්‍රචාරක නියෝජිත ආයතන වෙතින් මේ සඳහා ලංසු කැඳවීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් ආවරණය කිරීම සඳහා ප්‍රතිරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

    ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන විවිධ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් යටතේ ලබා දෙනු ලබන ප්‍රතිලාභ පසුගිය කාලසීමාව තුළ ඉහළ නංවා තිබීම සහ විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු විය හැකි වගා හානි ඉහළ යාම සැලකිල්ලට ගෙනඑම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ.

    ඒ සඳහා ආයතනයක් තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ ඇති අතරඅමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018‑01‑01 සිට 2018‑12‑31 දින දක්වා (එකී දින දෙක ද ඇතුළුව) වන කාලසීමාව වෙනුවෙන් රුපියල් මිලියන 257.8ක මුදලකට එම ප්‍රතිරක්ෂණ පහසුකම ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ Swiss Re Asia PTE Ltd. සහ J.B. Boda & Co(S) PTE Ltd. සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන

    නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණය පවත්වා ගැනීම පිණිස එවැනි කාලසීමාවක් තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්සමාජ වෙබ් අඩවි හිමිකරුවන් හා පරිපාලකයන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු මාධ්‍ය උපමානමැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබයි. මෙම උපමානවලට අනුකූලව ක්‍රියා කිරීම සඳහා ජනමාධ්‍ය ආයතනවලට හැකි වන අයුරින් කටයුතු කිරීම සියලුම දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම් හා දේශපාලන ක්‍රියාකාරීන්නිරීක්ෂණ සංවිධාන හා සිවිල් සංවිධානවලට මෙන්ම සියලුම පුරවැසියන්ට පැවරෙන වගකීමකි. 

    මැතිවරණවලට අදාළ මාධ්‍ය වාර්තා අපක්ෂපාතීව පළ කිරීමයම් දේශපාලන පක්ෂයකටස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අසාධාරණයක් සිදු නොවන පරිදි හා විශේෂ වාසියක් ඇති නොවන පරිදි ගුවන් කාලය වෙන් කිරීමප්‍රචාරණය කරනු ලබන යම් කරුණක් මඟින් අගතියට පත් පාර්ශ්වයට හා එම මතයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන කරුණු දැක්වීම් සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් ලබා දීමමාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු මෙම මාධ්‍ය උපමාන දක්වමින්අංක 2048/1 දරන 2017‑12‑04 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුවඑම අතිවිශෙෂ ගැසට් නිවේදය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීම

    අධිකරණ විනිසුරුවරුන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය හා ඔවුන් විසින් උසුලනු ලබන වගකීම් සැලකිල්ලට ගෙනඔවුන්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා සංශෝධනය කිරීමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් කරනු ලැබ තිබේ. 

    ආයතන කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ඇතුළු අදාළ අනෙකුත් පාර්ශ්වයන් විමසනු ලැබ ඇති අතරමෙම කරුණ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා නිලධාරි කමිටුවක් ද පත් කරනු ලැබ තිබේ. ඒ අනුවඑම නිලධාරි කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදිමහාධිකරණ විනිසුරුවරුන් හා අනෙකුත් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීමටත්එම සංශෝධන සැලකිල්ලට ගනිමින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව වෙත යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

     

    කොළඹ අගනගර ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය - ව්‍යාපෘති සැකසීමේ විශේෂ අරමුදල සඳහා ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම-

    කොළඹ නාගරික ප්‍රදේශය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතරමේ යටතේ පුත්තලම - අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 115 බැගින් අරමුදල් සපයනු ලබන අතරශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44ක් වැය කරනු ලබයි. 

    ඊට අමතරවව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමට ඇමරිකානු ඩොලර් 700,000ක ප්‍රදානයක් ලබා දීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී තිබේ. එම මූල්‍ය ප්‍රදානය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අතර ප්‍රදාන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රුසියානු සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා තේ ආනයනය අත්හිටුවීම

    ශ්‍රී ලංකාවෙන් රුසියානු සමූහාණ්ඩුව වෙත අපනයනය කරන ලද ශ්‍රී ලංකා තේ අඩංගු ඇසුරුමක තිබී කප්රා බීට්ල් (Trogoderma granarium) නමැති කුරුමිණියාගේ කීටයකු හඳුනා ගැනීම හේතුවෙන් 2017‑12‑18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය රුසියානු සමූහාණ්ඩුව විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව විසින් රුසියානු සමූහාණ්ඩුව වෙත සිදු කෙරෙන තේ අපනයනයශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයන වටිනාකමින් 11%ක් පමණ වන ප්‍රමාණයක් නියෝජනය කරන බැවින් මෙම තතත්වය ගැන විශේෂ අවධානය යොමු විය යුතු බවත්අදාළ කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ වන බැවින්රුසියාවට නැව්ගත කරන ලද තේ බහාලුමක එම කුරුමිණි විශේෂය දක්නට ලැබීම ගැටලු සහගත තත්ත්වයක් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා විසින් පෙන්වා දෙන ලදී. 

    ශ්‍රී ලංකා තේ කර්මාන්තය විසින් එහි ඉහළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගොඩනඟා ගනු ලැබ ඇති කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා මෙහිදී කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇත. ඒ අනුවශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිකෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ජාතික ශාක නිරෝධායන සේවාවේ නිලධාරින්ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහ තේ පර්යේෂණ ආයතනයේ විශේෂඥයින්ගෙන් සමන්විතසිය ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් රුසියානු රජය විසින් සාකච්ඡා සඳහා දිනයක් ලබා දුන් වහාම කෙටි දැනුම් දීමකින් රුසියාව බලා යාමට සූදානමින් සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. තවදමෙම තහනම ඉවත් කරගැනීම සඳහා සුදුසු අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාර දැක්වීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

    ඇස්බැස්ටෝස් නිෂ්පාදනයභාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය -

    - 2018‑01‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදිශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් නිෂ්පාදනයභාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සීමා කරමින් 2016‑09‑06 දින රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබිණි. එම තීරණය සම්බන්ධයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රයෙන් කෙරුණු ඉල්ලීම් හා එම විෂය පිළිබඳ විශේෂඥයින් විසින් කෙරුණු විවිධ නියෝජනයන් සහ කරුණු දැක්වීම් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. 

    ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඇස්බැස්ටෝස්වලින් 80%ක් පමණ වහලවල් සඳහා වන සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අතර, 2018‑01‑01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සීමා කිරීම හේතුවෙන් නිවාස ඉදි කරන්නන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවන ලදී. විශේෂයෙන්ම ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ රටෙහි ඇස්බැස්ටෝස් භාවිතය සීමා කිරීම හේතුවෙන් ඒ සඳහා වන සුදුසු විකල්ප නිෂ්පාදනවෙළඳ පොළ තුළ සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථා ඇති කිරීමට ඇති අපහසුතාව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. 

    ඒ අනුවශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් නිෂ්පාදනයභාවිතය සහ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව 2018‑01‑01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සීමා කිරීම් පිළිබඳ තීරණය ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya