මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.06.05 - අමාත්‍ය මණ්ඩල තීරණ

    ජූනි 05, 2014

    2014.06.05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැුස් වීමේ දී ගන්නා ලද තීරණ
    ව්‍යාපෘති හතක් සඳහා ඇස්තමේන්තුගත පිරිවැය සංශෝධනය කිරීම

    කාර්යයේ මූලික ස්වභාවය වෙනස් වීමත් මිල ගණන් ඉහළ යාමත් හේතුවෙන් පහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත පිරිවැය සංශෝධනය කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.


    201465-1

    කාබනික නිෂ්පාදන අපනයන පාලනය සඳහා ස්වාධීන ඒකකයක් ස්ථාපිත කිරීම
    කාබනික නිෂ්පාදන අපනයනය පාලනය හා නියාමනය සඳහා ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ඒකකයක් ස්ථාපිත කිරීමට හා ඒ සඳහා අදාළ රෙගුලාසි ඇතුළත් කෙටුම්පත 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් කිරීමට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය හා ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ම`ගින් කුඩා සංවර්ධන
    ව්‍යාපෘති ප‍්‍රදාන අනුග‍්‍රහය ලබාදීම

    කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය හා ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය හා ශ‍්‍රී ලංකා රජය අතර වන සංශෝධිත අවබෝධතා ගිවිසුම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කිිරීම පිළිබඳ කලාපීය වැඩමුළුව හා ඒකාබද්ධ ව පැවැත්වෙන ආසියා පැසිෆික් උසස් අධ්‍යාපනයේ සුදුසු කම් හඳුනාගැනීම පිළිබඳ කලාපීය කමිටුවේ 13 වැනි සැසිවාරයට සත්කාරකත්වය දැකිවීම - 2014 අගෝස්තු 4-5

    2014 අගෝස්තු 4 හා 5 වැනි දින පැවැත්වෙන ඉහත වැඩසටහනට සත්කාරකත්වය දැක්වීම සඳහා බැංකොක්හි යුනෙස්කෝ විසින් ශ‍්‍රී ලංකාවට අවස්ථාව ලබාදී ඇති අතර එයට ජාත්‍යන්තර සහභාගි වන්නන් 60 දෙනකු පමණ සහභාගී වීමට නියමිත අතර ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යාපනික වෘත්තිකයන් ගේ ආකර්ෂණය ලැබීමෙන් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙනු ඇත. මේ අවස්ථාවට සත්කාරකත්වය දැක්වීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රවාදි සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ඇල්ජීරියා මහජන ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම

    විවිධ ක්ෂේත‍්‍රවල ද්විපාර්ශ්වික සම්බන්ධතා ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව හා ඇල්ජීරියාව අතර ද්විපාර්ශ්වික උපදේශන යාන්ත‍්‍රණයක් පිහිටුවීම සඳහා වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    මධ්‍යම පරිසර අධිකාරිය ම`ගින් දැනට ක‍්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු වැඩසටහන දිවයිනේ සැම පාසලක ම ආරම්භ කර ශක්තිමත් ව පවත්වාගෙන යාම සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම

    පරිසර නියමු වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාසල් ළමුන් තුළ පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම හා පරිසර සංරක්ෂණ වැඩසටහන්වලට සහභාගී වීම ම`ගින් ඔවුන් ගේ දැනුම, අවබෝධය හා නිපුණතා වර්ධනය කිරීමේ අරමුණ ඇති ව පාසල් විශාල ගණනක් තුළ ක‍්‍රියාත්මක කර ඇත. මේ වැඩසටහනේ අරමුණු වන්නේ පාරිසරික වගකීම් ම`ගින් හික්මැවුණු ශිෂ්‍ය ජීවන රටාවක් ඇති කිරීම, පරිසරයට සංවේදී හා එය සුරකින පුරවැසි පිරිසක් බිහි කිරීම, හා පාසල් ළමුන් ඔස්සේ පරිසර සංරක්ෂණය පිළිබඳ පණිවිඩය වැඩිහිටියන් වෙත ගෙන යෑම වේ. මේ සම්බන්ධයෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya