මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2015-04-22

    අප්‍රේල් 23, 2015

    2015-04-22 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ

     

    1.ශ්‍රී ලංකාව විසින් පිලිපීනය සහ කාම්බෝජය සමඟ ද්විපාර්ශ්වික දේශපාලනික උපදේශන ආරම්භ කිරීම

     

    - ශ්‍රී ලංකාව විසින් පිලිපීන ජනරජය හා කාම්බෝජියා රාජධානිය සමඟ දිගුකාලීනද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගෙන යනු ලබන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණුකරගනිමින් මෙම සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතියි.එසේම පිලිපීනය සහ කාම්බෝජය කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාවසමඟ සහයෝගයෙන් කටයුතු කරන රාජ්‍යයන් දෙකකි. ඒ අනුව, ශ්‍රී ලංකාප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිලිපීනජනරජයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ සහ කාම්බෝජියා රාජධානියේ විදේශකටයුතු හා ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ අමාත්‍යාංශය සමඟ දේශපාලනික උපදේශනයපිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2.‘ගාලු සමය - 2015’

     

    - දකුණු සිරිලක, විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ සොඳුරු බව, අභිමානය සහඅසිරිය ලොවට කියාපෑමේ අරමුණින් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි වැඩසටහන්, කෘෂිකාර්මික, වෙළඳ හා කාර්මික ප්‍රදර්ශන හා සැණකෙළි ආදියෙන් සමන්විත ‘ගාලුසමය’ උළෙල සහ සැණකෙළිය 2008 - 2009 වසරවලදී ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින්උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.ඒ අනුව, දකුණු පළාත් සභාවේ සහ ගාල්ල මහනගරසභාවේ සහයෝගය ඇතිව ‘ගාලු සමය - 2015’ උළෙල සහ සැණකෙළිය මෙම වසරේ දෙසැම්බර්මස 27, 28, 29, 30 හා 31 යන දිනයන්හිදී ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින්පැවැත්වීම පිණිස අවශ්‍ය කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හාප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින්අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

     

    3. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම

     

    - බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතට යෝජිත සංශෝධන මහානාහිමිපාණන් වහන්සේලාගේඅවවාද, අනුශාසනා, මගපෙන්වීම් හා අනුමැතිය මත සිදු කිරීමට ක්‍රියා කරන බවටරජයේ දින 100 වැඩසටහන මඟින් ප්‍රතිඥා දී ඇත. ඒ අනුව සකස් කෙරුණු, බෞද්ධවිහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත බුද්ධශාසනඅමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත පිළිබඳව උනන්දුවක්දක්වන අමාත්‍යවරුන්ගේ අදහස් දැක්වීම් ඉදිරිපත් කිරීම පිණිස කල් තබන ලදී.

     

    4. බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට යෝජිත බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය

     

    - බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද සහ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව හාමහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සීනි නිෂ්පාදනය සඳහා උක් වගා කිරීමහා ඒ සමඟ මිශ්‍ර භෝග වගා කිරීම, කිරි ගව පාලනය, ග්ලිඩිසීරියා වගාව හා එහිදඬුවල ඉවත ලන කොටස් යොදාගනිමින් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීම යනප්‍රධාන ක්‍රියාකාරකම් ඇතුළත් ‘බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය’ නමින්ව්‍යාපෘතියක්, එකී ප්‍රදේශවල ගොවීන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමටඅපේක්ෂා කෙරේ. එහිදී එම ප්‍රදේශවල ජීවත් වන ගොවීන්ට තිරසර ආදායම් මාර්ගයක්ඇති කිරීම පිණිස එක් ගොවියෙකුට හෙක්ටයාර 2.5 ක පමණ ඉඩම් කොටසක් බැගින් ලබාදෙනු ඇති අතර එමඟින් එක් ගොවි පවුලකට මාසයකට රු. 60,000/- සිට රු. 80,000/- දක්වා වන තිරසර ආදායමක් උපයාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ අනුව, ඉහතව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිසවැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කළයෝජනාව ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන්අනුමත කරන ලදී.

     

    5. ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ප්‍රතිපත්තිය

     

    - ලෝකයේ සංවර්ධිත රටවල පවතින සෞඛ්‍ය තත්ත්ව දර්ශක හා සැසඳිය හැකි මට්ටමේසෞඛ්‍ය තත්ත්ව දර්ශක ශ්‍රී ලංකාව විසින් අත්පත් කර ගෙන ඇත.කෙසේ වුවද, අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් තවදුරටත් සංවර්ධනය කළ යුතු තත්ත්වයකපවතින අතර මෑතකාලීනව අනතුරු සිදුවීම් හා හදිසි අවස්ථා තත්ත්වයන් ඇති වීමඉහළ යාමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබීම හේතුවෙන් කඩිනම් හදිසි ප්‍රතිකාරසේවාවන්ගේ අවශ්‍යතාවය තවදුරටත් වර්ධනය වී ඇත.ප්‍රතිකාර ලබන්නන්ගේආරක්ෂාව, ගරුත්වය රැකෙන අන්දමේ සහ ඔවුන්ට කඩිනමින් ගුණාත්මක රෝගී සත්කාරකසේවාවන් සැපයීමේ අරමුණ පෙරදැරිව දැනට පවතින අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකවැඩිදියුණු කිරීම හෝ නව ඒකක ස්ථාපිත කිරීම මඟින් අනතුරු හා හදිසිඅවස්ථාවලදී ආබාධිත තත්ත්වයට පත්වීම හා මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහාප්‍රමාදයකින් තොරව මනා සම්බන්ධීකරණයකින් යුත් විස්තීර්ණ හා පිරිවැය ඵලදායීඅනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවක් ලබා දීම ‍යෝජිත ප්‍රතිපත්තියට ඇතුළත් කරඇත.සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා විසින්ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ප්‍රතිපත්තියඅමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    6.ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස සමාගමක් ලියාපදිංචි කිරීම

     

    - මෙරට නීති ක්ෂේත්‍රයේ පවත්නා හැකියාවන් සහ වෘත්තීයමයතත්ත්වයන් සැලකිල්ලටගෙන ශ්‍රී ලංකාව නීතිය හා බැඳුණු සේවාවන් සම්බන්ධයෙන් කලාපීයකේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇත. ඒ සඳහා වන එක්පියවරක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාවගේ ඉල්ලීම් සපුරා ලීම අරමුණුකරගනිමින් ආරවුල් නිරාකරණය කරගැනීමේ අපක්ෂපාතී, කාර්යක්ෂම හා විශ්වසනීයයන්ත්‍රණයක් ආසියාව තුළ ඇති කිරීමේ අරමුණින් ජාත්‍යන්තර බේරුම්කරණමධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කෙරිණි.එම මධ්‍යස්ථානයේ කටයුතු මේවසරේ මැයි මාසයේ සිට ආරම්භ කිරීමට අපේක්ෂිත අතර එහි පරිපාලන කටයුතු වඩාසාර්ථකව ඉටු කිරීම සඳහා රජයට අයත් සමාගමක් ආරම්භ කිරීම පිණිස අධිකරණඅමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයවිසින් අනුමත කරන ලදී.

     

    7. දඬුවම් පමුණුවන ලද තැනැත්තන් ශ්‍රී ලංකා රජය හා රුසියානු සමූහාණ්ඩුව අතර භාර දීම පිළිබඳ ගිවිසුම

     

    - ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරු කර සිරදඬුවම් පමුණුවන ලද වෙනත් රටකපුරවැසියකුට ඔහුගේ සිරදඬුවම තමා පුරවැසියකු යැයි හිමිකම් පාන රටේදී විඳීමටඅවස්ථාව සැලසීම පිණිස වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතමඟින් සලසා ඇත. එසේම ශ්‍රී ලාංකික පුරවැසියකු වෙනත් රටකදී සිරදඬුවම් විඳිනඅවස්ථාවක ඔහුගේ සිරදඬුවමේ ඉතිරි කාලය මෙරටදී විඳීම පිණිස ඒ අය ශ්‍රී ලංකාවවෙත භාර දීම සඳහාද මෙම පනත මඟින් විධිවිධාන සලසා ඇත. එකී විධිවිධාන අදාළවනුයේ ශ්‍රී ලංකාව එම කරුණට අදාළව වෙනත් රටක් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන ඇතිවිටෙකදීය.ඒ අනුව, සිරදඬුවම් පමුණුවන තැනැත්තන් ශ්‍රී ලංකා රජය හාරුසියානු සමූහාණ්ඩුව අතර භාර දීම පිණිස වන ඉහත ගිවිසුමට එළඹීම පිණිස අධිකරණඅමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයවිසින් අනුමත කරන ලදී.

     

    8. දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි මිල දී ගැනීම - 2015

     

    - දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දහම් පාසැල්වල නිස්සරණාධ්‍යාසයෙන් සේවයේනියුතු ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2004 වර්ෂයේ සිට රජයවිසින් ක්‍රියාත්මක කරනු ලැබේ.මේ යටතේ 2015 වර්ෂය සඳහා දහම් පාසැල්ගුරුවරියන් හට ප්‍රදානය කිරීමට අවශ්‍ය 30,000 ක් වන හැට්ට රෙදි සහිත අත්යන්ත්‍ර සාරි (නිල ඇඳුම්) රාජ්‍ය ආයතනයක් වන පේෂකර්ම දෙපාර්තමේන්තුව මඟින්එකක් රුපියල් 1,400/- බැගින් රුපියල් මිලියන 42 ක වියදමින් මිල දී ගැනීමසඳහා බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    9. ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහලගුණාත්මකභාවයකින් යුත් අධි ශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතලපහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය

     

    දිවයිනේශීඝ්‍රලෙස වර්ධනය වෙමින් පවතින පිළිකා රෝගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඉහළගුණාත්මකභාවයකින් යුත් අධි ශක්ති විකිරණ චිකිත්සක උපකරණ රටේ ප්‍රධාන පිළිකාමධ්‍යස්ථාන තුළ ස්ථාපිත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස රජය විසින්හඳුනාගෙන ඇත.ඒ අනුව, පළමු අදියර යටතේ මහරගම ජාතික පිළිකා ආයතනය, මහනුවරමහ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහලයන රෝහල් පහ සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර, බ්‍රැකී තෙරපියන්ත්‍ර සහ සී.ටී. සිමියුලේටර් යන්ත්‍ර ලෝක බැංකු ආධාර හා ශ්‍රී ලංකාඅරමුදල් උපයෝගීත්වයෙන් 2015 සිට 2017 දක්වා කාලය තුල දී මිල දී ගැනීම සඳහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළයෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    10. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත

     

    - රජයේ දින 100 වැඩසටහන යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතපාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන බවට ප්‍රතිඥා දී ඇත. ඒ අනුව, ඉහත පනත්කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාර හදිසි පනත්කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී. ඉහත පනත් කෙටුම්පතෙහි විශේෂ ලක්ෂණ පහත පරිදි වේ: * තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම හිමි වේ. * තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය යන්නෙන් රාජ්‍ය ආයතනයක් සතු, එහි භාරයයටතේ හෝ පාලනය යටතේ පවතින එවන් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය අදහස් වේ.එසේ වුවද, පහත සඳහන් අවස්ථාවලදී තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකිය: (i) මහජන කටයුත්තකට හෝ බැඳියාවකට කිසිදු සම්බන්ධයක් නොමැති පෞද්ගලිකතොරතුරු හා බැඳුණු තොරතුරු හෝ හෙළි කිරීම නිසා තැනැත්තෙකුගේ පෞද්ගලිකත්වයටහානි පමුණුවන ආකාරයේ තොරතුරු. (ii) හෙළි කිරීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවට හෝ ජාතිකආරක්ෂාවට බැරෑරුම් ලෙස බලපාන ආකාරයේ හෝ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතාවලටහෝ ජාත්‍යන්තර නීතිය යටතේ එහි බැඳීම්වලට බරපතළ අගතියක් සිදු කිරීමට ඉඩ ඇතිතොරතුරු. (iii) හෙළි කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ ලෙස අගතිදායක විය හැකි තොරතුරු. (iv) හෙළි කිරීම මඟින් කිසියම් පුද්ගලයකුගේ වාණිජමය බැඳියාවන්ට හානි පමුණුවන හෝ කිසියම් වෙළඳ රහසක් අනාවරණය වන තොරතුරු. (v) හෙළි කිරීම මඟින් කිසියම් පුද්ගලයකු හා සම්බන්ධ වෛද්‍ය වාර්තා පිළිබඳව අනාවරණය වන තොරතුරු. (vi) සාක්ෂි ආඥාපනතේ 126 වගන්තිය යටතේ අවසර ලබා දී නොමැති තොරතුරු හෙළි කිරීම. (vii) කිසියම් විශ්වසනීය සබඳතාවක් (fiduciary relationship) පැවතීම හේතුවෙන් රහස්‍ය ලෙස සැලකීමට අවශ්‍ය තොරතුරු. (viii) ‍කිසියම් අපරාධයක් වැළැක්වීම හෝ සොයා ගැනීම හා සම්බන්ධ තොරතුරුහෝ වැරදිකරුවන් අල්ලා ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට අදාළ කිසියම්තොරතුරක් හෙළි කිරීම නිසා එකී කටයුතුවලට බාධාකාරී විය හැකිතොරතුරු. (ix) කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් රහස්‍ය ලෙස ලබාගත යුතු බවට තීරණය කර ඇති තොරතුරු. (x) හෙළි කිරීම මඟින් අධිකරණයට අපහාසයක් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් සිදු විය හැකි තොරතුරු. (xi) ‍විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වන ලද විභාගයක් හා බැඳුණු රහස්‍යභාවය පවත්වාගෙන යා යුතු තොරතුරු. * තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම පහසු කරලීම සඳහා තොරතුරුදැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපිත කෙරේ.රහස්‍ය ලෙස තබාගතයුතු තොරතුරු මොනවාදැයි තීරණය කිරීමට මෙම කොමිෂන් සභාව මැදිහත්වනු ඇත. * මෙහි විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇත.

     

    11. ජාතික විගණන පනත් කෙටුම්පත

     

    - රජයේ දින 100 වැඩසටහන යටතේ ජාතික විගණන පනතපාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කෙරෙන බවට ප්‍රතිඥා දී ඇත. ඒ අනුව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල ඵලදායී ලෙසක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් පනත්කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාර හදිසි පනත්කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී. ඉහත පනත් කෙටුම්පතෙහි විශේෂ ලක්ෂණ පහත පරිදි වේ: * මෙමඟින් මහජනතාව අතරින් කිසියම් පුද්ගලයකුට කිසියම් කරුණක්විගණකාධිපතිවරයාගේ අවධානය වෙත යොමු කිරීමේ අයිතිය හිමිවන අතර, විගණකාධිපතිවරයාට එවන් කරුණු විමර්ශනය කර පාර්ලිමේන්තුව වෙත වාර්තාවක්ඉදිරිපත් කළ හැකිය. * කාර්යසාධන විගණන, තාක්ෂණ විගණන ආදිය සඳහා ශ්‍රී ලංකාවේ විගණනප්‍රමිතීන් නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවලදී අන්තර්ජාතික ප්‍රමිතීන් අදාළකර ගැනීමට ඉඩ සැලසේ. * සිය රාජකාරි ඉටු කිරීමේදී කිසියම් විගණන නිලධාරියකු වෙත ලැබෙන කිසියම් තොරතුරක් හෙළි නොකිරීමේ වගකීම ඔහු වෙත පවරයි. * විගණකාධිපතිවරයා විසින් අදාළ වසර තුළඔහු විසින් සිදු කරන ලද විගණනයන් හි ප්‍රතිඵල පාර්ලිමේන්තුව වෙත වාර්ෂිකව වාර්තා කළ යුතුය. * විගණකාධිපතිවරයා විසින් වසර තුනකට වරක් තාක්ෂණික වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. * ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් පත් කරනු ලබන විගණන සේවා කොමිසමක් ස්ථාපිත කෙරේ. * ‍යෝජිත පනත බලාත්මක වන දිනයේ සිට විගණකාධිපති දෙපාර්තමේන්තුව අහෝසි වීඑහි කටයුතු විගණන සේවා කොමිෂන් සභාවට පැවරෙනු ඇත.එම දෙපාර්තමේන්තුවේ දැනටසේවය කරන කාර්ය මණ්ඩලය නව කොමිෂන් සභාවට අන්තර්ග්‍රහණය කෙරෙනු ඇත.

     

    12. මහ කොළඹ ප්‍රදේශය හා බස්නාහිර කලාපය සංවර්ධනය කිරීමේ සැලසුම් සකස් කිරීම

     

    - බස්නාහිර කලාපය හා කොළඹ නගරය දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වනකලාපයක්/නගරයක් වන අතර, මෙම කලාපය රටේ ආර්ථික වර්ධනයෙහිඅතිශය වැදගත්තැනක් ගනී.මනා නගර සංවර්ධන ක්‍රමෝපායක් පැවතීම තිරසර සංවර්ධනය සඳහාඅත්‍යවශ්‍ය වේ.කොළඹ නගරය නුදුරු අනාගතයේදී දකුණු ආසියාවේ කැපී පෙනෙනනගරයක් බවට සහ කලාපීය මූල්‍ය හා ව්‍යාපාර කේන්ද්‍රය බවට පත් කිරීමට යෝජනාවී ඇත.පුළුල්, සියල්ල ඇතුළත් සක්‍රීය සැලසුම් ක්‍රියාවලියක් මඟින්බස්නාහිර කලාපය සහ කොළඹ නගරය සංවර්ධනය කිරීම උදෙසා මඟපෙන්වීම රජයේ වගකීමයි.ඒ අනුව, සැලසුම් ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින්, 2004 වර්ෂයේදීසැකසුණු බස්නාහිර කලාප මෙගාපොලිස් සැලැස්ම (Western Region Megapolis Plan) වර්තමානයට ගැළපෙන පරිදි සකසා ගැනීමටත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත්ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතුඅමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළයෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    13. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ වන ගිවිසුම් දීර්ඝ කිරීම

     

    - 1956 වසරේ සිට සෞඛ්‍ය, අධ්‍යාපන හා කාර්මික පුහුණු, කෘෂිකාර්මික හාජීවනෝපාය සංවර්ධනය, පරිසරය හා ස්වාභාවික සම්පත් කළමනාකරණය, පළාත් පාලනය, මානුෂික ආධාර යන ක්ෂේත්‍රයන්ට අදාළ වැඩසටහන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහායඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. යහපාලනය, ආර්ථික වර්ධනය සහ මානුෂවාදීසහාය වැනි ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතාවන්ට වඩාත් නැඹුරු වනු පිණිසඅන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ශ්‍රීලංකාව සමඟ එක්ව කටයුතු කරයි. ඒ යටතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවැඩසටහන්වලින් පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණ ඇතිව එම වැඩසටහන්වලට අදාළගිවිසුම්වල කාලය දීර්ඝ කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.

     

    14. ජාතික විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය

     

    - ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාව පසුගිය දශකයක කාලය තුළ වාර්ෂිකව 5% - 7% සාමාන්‍ය අගයකින් ඉහළ යමින් පවතින අතර, රටේ ආර්ථික සංවර්ධනය සමඟ එම තත්ත්වයඅඛණ්ඩව පවතිනු ඇත.එම නිසා විදුලිබල උත්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරනඅතරම, මෙරට සියලු ජනතාවට නිසි ප්‍රමිතියකින් යුතු විදුලි සැපයුමක්බාධාවකින් තොරව ලබා දීම පිණිස විදුලිබල සම්ප්‍රේෂණයේදී සිදුවන අපතේ යෑම්අවම කරගනිමින් විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීමඅවශ්‍ය වේ.ඒ අනුව, ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ජපාන යෙන් මිලියන 24,930 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 26,873 ක්) ණය මුදලක් ලබා දීමට ජපානරජය එකඟ වී ඇත. ඊට අදාළ හුවමාරු පත්‍ර ජපාන රජය සමඟ අත්සන් කිරීමටත්, මෙමව්‍යපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය අතර ණයගිවිසුමකට එළඹීම පිණිසත් ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හාසංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    15. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

     

    - වයඹ, උතුරුමැද හා උතුර යන පළාත්වල වාරිමාර්ග කටයුතු, පානීය අවශ්‍යතා සහවාණිජ කටයුතු සඳහා මහවැලි ජලය ලබා දෙමින් එම ජලය ඵලදායී ලෙස පරිහරණය කිරීමඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වේ.මේ යටතේ නව සහ වැඩිදියුණු කළජලය ගෙන යාමේ හා රඳවා ගැනීමේ යටිතල පහසුකම් වැඩිදියුණු කරන අතර, එය ඉහතපළාත්වල කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීමටත්, ආරක්ෂිත පානීය ජලයසැපයීම මඟින් එම ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නිදන්ගත වකුගඩු රෝගයටගොදුරුවීමේ අවදානම වැළැක්වීමටත් හේතු වනු ඇත. ඉහත ආයෝජන වැඩසටහන යටතේ ඉහළඇළහැර ඇළ ව්‍යාපෘතිය, වයඹ ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇළපුනරුත්ථාපන ව්‍යාපෘතිය යන ආයෝජන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒඅනුව, මෙම වැඩසටහනේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ලබාගැනීමසඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ප්‍රතිපත්තිසම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    16. පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම්මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම

     

    - ‍පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන්වන අතර එහි දිග කි.මී. 9.32 කි.මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩකොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95% ක්චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මඟින් සපයනු ලබයි.මෙම ව්‍යාපෘතිය සඳහාඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවීමට ආසන්නව පවතින අතර, ඒ සඳහාවන්දි වශයෙන් දැනට ගෙවියයුතුව ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,100 කි.මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලදසමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂයපථය යටතේ ඉහතව්‍යාපෘතියේ වැඩ ආරම්භකිරීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරුකබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.

     

    17. වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිණිස යෝජිත ව්‍යවස්ථා සංශෝධනය

     

    පසුගියජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් ජනමතය හා දේශපාලන පක්ෂවල පොදු ඉල්ලීම අනුවදැනට පවතින මනාප ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයෙන් ඉවත් කොට සෑමමැතිවරණ කොට්ඨාසයක් හෝ ආසනයක් වෙනුවෙන් සෘජුවම මන්ත්‍රීවරයකු තේරී පත්වනආකාරයට හා ඒ ඒ පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ද මන්ත්‍රීවරුන්පිරිසක් තෝරා පත්වන ආකාරයට අවශ්‍ය විධිවිධාන ඇතුළත් මිශ්‍ර මැතිවරණක්‍රමයක් හඳුන්වා දීම පිණිස කෙටුම්පත් යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමා විසින්අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.එම කෙටුම්පත් යෝජනාව පදනම් කරගෙනසියලුම පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව, නව මැතිවරණ ක්‍රමයක් සඳහාවන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya