මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුවට සහභාගි වන දේශීය තරුණ නියෝජිතයින් සඳහා පුහුණුවක්

    අප්‍රේල් 26, 2014
    2014 මැයි 06 සිට 10 දක්වා ශී‍්‍ර ලංකාවේ දී පැවැත්වෙන ලෝක තරුණ සමුඵවට සහභාගී වන දේශීය තරුණ නියෝජිතයින් 173 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහනක් ඊයේ (25) ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වුණි.
     
    මෙම වැඩමුළුව 29දා දක්වා  පැවැත්වේ. මෙහිදී නායකත්ව කුසලතාවන් වර්ධනය කර ගැනීම, ලෝක තරුණ සමුළුව පැවැත්වෙන වකවානුව තුළ තරුණ නියෝජිතයින් ක‍්‍රියා කළ යුතු ආකාරය යනාදී වශයෙන් ප‍්‍රධාන මාතෘකා 14ක් හා සමාන්තර සැසි 14ක් සම්බන්ධ කර ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    මෙම පුහුණු වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය නියෝජනය කරමින් තරුණ නායකයින් 52ක්, විවිධ සංවිධාන හා පාසල් නියෝජනය කරමින් සම්මුඛ පරීක්ෂණ මඟින් තෝරා ගත් තරුණ තරුණියන් 85 දෙනෙක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ උපදේශක කමිටුව නියෝජනය කරමින් 15 දෙනෙක් හා ශ‍්‍රී ලංකා යූත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් 21 දෙනෙක් සහභාගි වෙති. 
     
    මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භය සිදු වූ ඊයේ ප‍්‍රධාන දේශනය ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී. ලෝක තරුණ සමුළුවට සහභාගි වන දේශීය තරුණ නියෝජිතයින් පුහුණු කිරීම සඳහා පුහුණුවක් සංවිධානය කිරීමට අප ආයතනයට ලැබීම භාග්‍යයක් බවත්, සැබෑ ලෙසම තරුණ නියෝජිතයින් ලෙස මෙහි වැඩසටහන් සඳහා සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව වඩා වටිනා පුහුණුවක් හා ලාංකේය තාරුණ්‍යය නොපසුබට උත්සාහයෙන් යුතුව තම ඉලක්ක කරා ළඟා වීමේ ඇති වැදගත්කම තහවුරු කරමින් කටයුතු කිරීමට මෙම පුහුණුව තුළින් හැකියාව ලැබෙනු ඇති බවත් මහාචාර්යතුමන් මෙහි දී සඳහන් කළේය.
     
    තරුණයින්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා සකස් වන ‘කොළඹ ප‍්‍රකාශනය’ සඳහා ශ‍්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවන් කියා පෑමට හා ඒ සඳහා සක‍්‍රීය දායකත්වය ලබා දීමට මෙම තරුණ නියෝජිතයින්ට වටිනා අවස්ථාවක් හිමි වී ඇති බවත්, ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලාංකේය සලකුණ තහවුරු කිරීම සඳහා මෙය හොඳ අවස්ථාවක් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇති බවත් මහාචාර්යවරයා පැවසීය.
     
    ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශනයේ සඳහන් වන හා අතිගරු ජනාධිපතිතුමන් ජාත්‍යන්තර සමුළු තුළ දී කිහිප වරක්ම පැවසූ, ‘අප මේ ශ‍්‍රී ලංකාව තාරුණ්‍යය විසින් ගොඩ නඟන දේශයක් බවට පත් කරන්නෙමු’ යන ප‍්‍රකාශය මෙම ලෝක තරුණ සමුළුව තුළින් තවදුරටත් යථාර්ථයක් බවට පත් වන බව ද බණ්ඩාර මහතා විශේෂයෙන් සඳහන් කළේය.
     
    DB
     
    WORL YOUTH COM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya