මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසුරුවා හැරීමට පෙර විපක්ෂයෙන් ආණ්ඩුවට පිරිසක් එනවා

    නොවැම්බර් 04, 2014

    විසුරුවා හැරීමෙන් පසු ආණ්ඩුවෙන් විපක්ෂයට යාම කෙසේ වෙතත් ආණ්ඩුවට විසුරුවා හැරීමට පෙර ආණ්ඩුවට විපක්ෂයෙන් පිරිසක් එන බව සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පස්වරුවේ විවාදයට ගැනුණි.

    අපේ රණ විරුවන් යුද්ධය ජයගත් අයුරු සමහරුන්ට අමතක වෙලා. රණ විරුවන්ගේ සේවය අපි හැමදාම අගය කරනවා. ත්‍රස්තවාදය යළි හිස ඔසවන්නට ඉඩ නොදීමට පියවර ගැනීම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුද කළ යුතුයි. අප එදා කළේ යුද්ධයක් නෙමෙයි. මානුෂික මෙහෙයුමක්. ජාත්‍යන්තර බලවේගවල අත පෙවීම්වලට රජය ඉඩ දුන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අපට පහර දීමට උත්සාහ ගත්තා. බටහිර අධිරාජ්‍යවාදීන් ඇතැම් රටවල සිදු කරන ඝාතන ගැන කතා කරන්නේ නැති බවත් ත්‍රස්තවාදය මැඬලීමට ගත් උත්සාහයට ඊර්ෂ්‍යාව නිසා මේ වැඩ කරන බවත් ඔහු කීය.

    අපේ රාජ්‍ය නායකයාට හෝ රණ විරුවන්ට එරෙහි ව කිසිම චෝදනාවක් ගෙන ඒම පදනමක් නැහැ. අපේ රජය කටයුතු කළේ මානුෂිකවයි. පරීක්ෂණ අවශ්‍ය නැහැ. ඒවාට සහභාගී විය යුතු නැහැ. ඒවා පක්ෂපාතී ඒවා. නාගරික සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව අංක එකට පැමිණ තිබෙනවා. විසුරුවා හැරීමෙන් පසු ආණ්ඩුවෙන් විපක්ෂයට යාම කෙසේ වෙතත් විසුරුවා හැරීමට පෙර එහෙන් මෙහාට පිරිසක් එන බව කියන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya