අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප රජය එදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් වැඩ කළා

    නොවැම්බර් 03, 2014

    එදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් වැඩ කළ එජාප රජය අද යහපාලනය හා පාරදෘශ්‍ය භාවය ගැන කතා කරනවා යැයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    1977න් පස්සේ පැවති මැතිවරණ ගත්තහම 1982දී ජනමත විචාරණයක් පැවැත්වූයේ මොකටද? 1977 බලයට පත් වූ රජය තවත් වසර 6න් දීර්ඝ කර ගැනීමටයි ජනමත විචාරණයක් පැවැත්වූයේ. 77 ජනවරමත් සමඟ ජනමත විචාරණයකින් ධූර කාලය දීර්ඝ කර ගන්නවා කියා ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වුණේ නැහැ. 1977න් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත් වූ ආකාරය අපට මතක බව ද ඔහු කීය.

    1982 ජනමත විචාරණයේදී එජාපය වැඩ කළේ කොහොමද? හොර ඡන්ද පවා දැම්මා.  සංවර්ධන සභා ඡන්දයත් ඒ වගේමයි. උතුරේ තරුණ නැගිටීමට සංවර්ධන ඡන්දයත් බලපෑවා. අද අප මුහුණ දෙන, අත්විඳින සිදුවීම් බොහොමයකට එජාපය වගකිව යුතුයි. 1988දීත් ජනාධිපතිවරණය පැවැත්වුණේ ඒ ආකාරයටයි. 1988 දී ඡන්දය දාන්න ගිය පළමු 5 දෙනා මරා දැමූ අය අද කියන්නේ මහින්දට තුන්වරක් බැහැ කියලා. ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන මේ අය පාර්ලිමේන්තුව තුළ බෝම්බ පිපිරෙව්වා. මැතිවරණයකින් පසුව ඇඳිරි නීතිය නොදමන සංස්කෘතිය ඇති කළේ සන්ධාන රජය බව ද ඔහු පැවසීය.

    භීෂණය වපුරවමින් මැතිවරණ කළ විපක්ෂය අද නිදහස් හා සාධාරණ මැතිවරණ ගැන කතා කරනවා. අපේ පාක්ෂිකයන් විශාල පිරිසක් හිරේ ගියා. එදා වගේ අද අතුරුදන් වෙන්නේ නැහැ. 2005න් පස්සෙ මැතිවරණවල දී පශ්චාත් මැතිවරණ ගැටුම් ඇති වුණේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමාත් තම රාජකාරිය නිවැරදිව ඉටු කරනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපි උතුරේත් පවත්වා ජාත්‍යන්තරයට පෙන්වා  තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ පවතින නෛතික බලතල අනුවයි අප කටයුතු කළ යුත්තේ. ව්‍යවස්ථාවක් යනු රටේ වැදගත් ලියවිල්ලක්. විධායක ජනාධිපති ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ වෙන කෙනෙක් සිටින විට හොඳයි. මහින්ද රාජපක්ෂ මහතා සිටින විට හොඳ නැහැ. ඒකද කියන්නේ? විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ රටේ වේගවත් සංවර්ධනයක් ඇති කිරීමටයි. විධායක ජනාධිපති ක්‍රමය නිසා අපි බොහෝ ප්‍රතිඵල ලබා ගත් රටක්. විධායක බලතල උපයෝගී කරගත් නිසයි යුද්ධය අවසන් කරන්නට හැකි වුණේ. විධායක ජනාධිපති ධූරයට එරෙහි ව එකපෙළට නැගී සිටින්නේ එදා සිට ම එක පෙළට සිටි අය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya