අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ දෙනාගේ කැමැත්ත මත කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි

    නොවැම්බර් 03, 2014

    විධායක ජනාධිපති ක්‍රමයට අකමැති නම් මැතිවරණයකට නොගොස් ඡන්දය නොදී සිටිය හැකි අතර කිහිපදෙනෙකුට උවමනා විදිහට කටයුතු කරන්න බැරි බවත් බොහෝ දෙනාගේ කැමැත්ත මත කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.



    ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කළාක් මෙන් පොලිසියට නිවාඩු දී මැතිවරණය පැවැත්වීමට කැමැති දැයි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විමසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    පොලිසියට නිවාඩු දී මැතිවරණයක් පැවැත්වීමට කැමති ද කියා මම අහන්න කැමතියි. ව්‍යවස්ථාවෙන් ලැබෙන බලතල මත ජනාධිපතිතුමා කටයුතු කරනවා. විධායක ජනාධිපති ක්‍රමය හොඳ නැහැ කියනවා. මෙවැනි ක්‍රමයක් නැත්තම් රටක් පාලනය කරන්න බැහැ. කැනඩාවේ පාර්ලිමේන්තුවේ වෙඩි තැබුවා. ලෝකයේ වෙනස්වීම් අනුව වෙනස් වෙන්නට සිදු වෙනවා. වෛරයෙන් ක්‍රෝධයෙන් බලය ලබන්නට උත්සාහ කරන්න හොඳ නැහැ. සාධාරණ මැතිවරණයක් තියෙන බවත් ජනතාවගේ බලයෙන් ජනාධිපතිතුමා බලයට පත් ව සිටින බවත් එතුමා සඳහන් කළේය.

    විධායක ජනාධිපති ක්‍රමයට අකමැති නම් මැතිවරණයකට නොගොස් ඡන්දය නොදී සිටිය හැකියි. කිහිප දෙනෙකුට උවමනා විදිහට කටයුතු කරන්න බැහැ. බොහෝ දෙනාගේ කැමැත්ත මත කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනාධිපතිතුමා සියලු දෙනාට සවන් දෙනව. භේද නැහැ. බලය ලබාගැනීම සුළු පිරිසක් එපා කීවාට වැඩි පිරිසක් මේ ක්‍රමයට කැමතියි. අද රට විශාල දියුණුවක් ලබා තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිත උසස් වී තිබෙනවා. සියලු ජාතින්ට සමානව  සලකනවා. විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට අවශ්‍යයි. රට මේ තත්ත්වයට පත් වු‍ණේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. රටවල් තුළ ජාතීන් අතර අරගල ඇති කරලා තිබෙනවා. ජනාධිපතිතුමා නියම නායකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වගේම එතුමා ජාතීන් අතර සාමය, සමඟිය සුහදතාව වර්ධනය කර තිබෙනවා. මේ වගේ ජනාධිපතිවරයෙක් කොයි රටේ ද සිටින්නේ. ඉදිරියටත් එතුමා පත් කරගත යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.

    මේ වගේ අයවැයක් කවදාකවත් ඉදිරිපත් කර නැහැ. චීනය හැරුණු විට ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති රට අපේ රටයි. අපේ ජනාධිපතිතුමා නියත වශයෙන් ම දිනනවා. එතුමාට සියලු ජාතීන්ගේ කැමැත්ත ලැබෙනවා. මේ සැරේ ඉදිරිපත් වී වසර 2022 වනතුරු එතුමාට රට පාලනය කළ හැකියි. එදාට මේ රට හොඳ තත්ත්වයට පත්වෙනවා. අද ජීවත් වන අය ගැන නොහිතා ඉදිරි පරම්පරාව ගැන සිතිය යුතු බව ද ලාංකීය ජාතියක් ලෙස එක් වී වැඩ කරමු යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya