මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රභාකරන්ව කරේ තියාගෙන තවමත් දෙමළ ජාතික සන්ධානය කතා කරනවා

    නොවැම්බර් 03, 2014

    ප්‍රභාකරන් ගැන අදත් අපි කතාකරන්නේ ප්‍රභාකරන්ව කරේ තියාගෙන තවමත් දෙමළ ජාතික සන්ධානය කතා කරන නිසා බවත් ඔබතුමාලා ප්‍රභාකරන්ව ප්‍රතික්ෂේප කරනවා නම් ආණ්ඩුවේ අපේ සිතුම් පැතුම් වෙනස් වේවි යැයි ද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරමින් සිටිනවා. චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ අමිහිරි අත්දැකීම් රැසක් තියෙනවා. උදේ 10.00ට එනවා කියලා සවස 3.00ට එන්නේ. රටේ බහුතර රාජ්‍ය නිලධාරීන්ට දියවැඩියාව හැදෙව්වේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිණියයි. ජනාධිපතිතුමාට විපක්ෂයේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට වුව ද කතා කළ හැකියි. පිටරටක හිටියත්, මංගල මෙන් ම අවමංගල කාරණයකදීත් එතුමා ඉන්නවා. එය ජනාධිපතිවරයෙකු තුළ තිබෙන විශිෂ්ට ලක්ෂණයක් යැයි ද ඔහු කීය.

    එතුමාගේ මුළු ජීවිතය ම ජනතාව පැවරූ කාර්යයන්ට  කැප වී සිටිනවා. ජනාධිපතිතුමා මේ රටේ ආර්ථිකයත් වේගයෙන් ඉහළට දැම්මා. මූල්‍ය, තෙල්, ආහාර අර්බුද තුන ම තියාගෙන අපි ඉදිරියට ආවේ. මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නා විට ඒ සඳහා වෙන් වෙන මුදල්වලින් සියයට 05ක්වත් වියදම් වෙලා නැහැ. අද ඒ මුදල් හැම තැනට ම යනවා. කැඩුණු, බිඳුණු ගොඩනැගිලි ඡායාරූපගත කර ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා. මේවා මොන  ම ජනාධිපතිවරයෙක්වත් කළේ නැහැ. දිස්ත්‍රික්කවලටත් යනවා. මේ ආදර්ශය අනාගත දේශපාලඥයන්ටත් ආදර්ශයක් යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රටක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යම් නීතියක් විග්‍රහ කිරීමේදී ඕන තරම් උදාහරණ තියෙනවා. 18 වන සංශෝධනයට අනුව ජනාධිපතිතුමාට නැවත තරග කළ හැකියි. එය නොවෙයිද නීතිය. ජනාධිපතිතුමා ලෝකෙ වටේ ම ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගෙන තියෙනවා. අපිට ඉන්දියාවේ විරෝධයක් නැහැ. අපේ සමීපත ම චීනය බලවත් වෙලා. ඇමරිකාව පසුපසට ඇවිත්. කතානායකතුමා මඟින් සිදු කළ පාර්ලිමේන්තු සේවකයන්ගේ ඉල්ලීම ජනාධිපතිතුමා ඉටු කළා. ඔවුන්ගේ ස්තූතිය මා ජනාධිපතිතුමාට පුද කරනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya