මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂ නායකවරයාත් විධායක ජනාධිපති ක්‍රමය පිළිගන්නවා

    නොවැම්බර් 03, 2014

    විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුගය කියා කතා කළ යුතු හොඳ ම ස්ථානය ජනාධිපතිවරයා පිළිබඳ කතා කරන මේ විවාදයේ දී වුවත් විපක්ෂ නායකවරයා එවැනි යෝජනාවක් නොකළේ එතුමාත් විධායක ජනාධිපති ක්‍රමය පිළිගන්නා නිසා බව සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අයවැය කාරක සභා අවස්ථාවේ ජනාධිපතිවරයා පිළිබඳ වැය ශීර්ෂයේදී දැක්වූ අදහස ගැන කරුණු දක්වමින් විවාදයට එක් වූ සභානායකවරයා සිය මාමණ්ඩිය බිහිකළ විධායක ජනාධිපති ක්‍රමය ඉවත දැමීමට වික්‍රමසිංහ මහතා කිසි දිනක කටයුතු නොකරන බව ද අවධාරණය කළේය.

    අපේ ජනාධිපතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය ඉතා හොඳින් ක්‍රියාත්මක කරයි. එතුමාට අභියෝග කළ හැකි තරගයක් දිය හැකි පුද්ගලයෙකු පෙනෙන තෙක් මානයක නැති බවත් ශීත කාමරවල සිටින අයගෙන් එතුමාට කිසිදු තරගයක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya