අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධනය පිළිබඳ ඓතිහාසික ගෞරවයක් ජනාධිපතිතුමාට හිමි විය යුතුයි

    ඔක්තෝබර් 30, 2014

    ගම හා නගරය එකවර සමබරව සංවර්ධනය කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා මෙවර අය-වැය ඉදිරිපත් කළ බවත් මේ රටේ සංවර්ධනය පිළිබඳ ඓතිහාසික ගෞරවයක් ජනාධිපතිතුමාට හිමි විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ නායයාමෙන් විපතට පත් වූ පිරිසට මාගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතිහාසය දිහා බැලූ විට එවකට සිටි මුදල් ඇමැතිවරු ඉදිරිපත් කළ අය-වැය සාර්ථක මෙන් ම අසාර්ථක වී තිබෙනවා. අය-වැය කියන්නේ අනාගතය දෙස බැලීමක්. එහෙත් සහන බලාගෙන අය-වැය දිහා බලාගෙන සිටී ම වෙනස් විය යුතුයි. ගෙවී ගිය දශකය දිහා බැලූ විට වත්මන් ජනාධිපතිතුමා අය-වැය කථා 10ක් ඉදිරිපත් කර තිබෙනවා. යුද්ධය තිබූ කාලයේදී වගේ ම යුද්ධය අවසන් වීමෙන් පසුවත් මේ අය-වැය ඉදිරිපත් කළා යැයි ඔහු සඳහන් කළේය.

     

    1977 සිට 1994 දක්වා එජාප ආණ්ඩුව දිහා බැලූ විට මහවැලි බහුකාර්ය සංවර්ධනයන් ගැන අවධානය යොමු කළා විනා ග්‍රාමීය සංවර්ධනය ගැන අවධානය යොමු කළේ නැහැ. එහෙත් අපේ රජය යුද්ධය පැවැති කාලයේ දී වගේ ම යුද්ධය අවසන් වීමෙන් පසුවත් දැවැන්ත සංවර්ධනයන් සිදු කළා.  විශාල ජල යෝජනාක්‍රම, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළවල්, වරාය මෙන් ම ග්‍රාමීය සංවර්ධනය විශාල ලෙස සිදු කළා.  ජනාධිපතිතුමා රට පාලනය කළ මේ දශකය තමයි මෙරට සංවර්ධනයේ විශාල විප්ලවයක් සිදු වූ දශකය ලෙස හඳුන්වා දිය හැක්කේ. මෙරට සංවර්ධනයක් සිදු වී ඇති බව විපක්ෂය පවා පිළිගන්නවා යැයි ද ඔහු කීය.


    ගොවි ජනතාව සිටින පළාතක් නියෝජනය කරන නියෝතජියකු ලෙස ගොවි ජනතාවට මෙවර අය-වැයෙන් ලබා දී තිබෙන සහන පිළිබඳ ව මා සතුටු වෙනවා. විපක්ෂය සංවර්ධනය දැක දැකත් බොරුවට දූෂණය, වංචාව ගැන කතා කරනවා. එහෙත් අපි සිදුකරන සංවර්ධනය ගැන කිසිවක් කියන්නේ නැහැ. මීට පෙර කතා කළ මන්ත්‍රීතුමා කිව්වා සමෘද්ධිලාභින් විශාල ප්‍රමාණයක් මෙරට ඉන්නවා. එහෙත් එතුමන්ට එක් දෙයක් කිව යුතුයි, සමෘද්ධිය ලබා ගන්නා පවුල්වල සමෘද්ධිය ලබා නොගත යුතු පිරිස් සිටින බව එතුමා තේරුම් ගත යුතුයි. විපක්ෂය මෙහිදී දිගින් දිගට ම පාඩු ගැන පමණයි කතා කළේ. එහෙත් අපි ලබා දුන් නිදහස් අධ්‍යපානය, නිදහස් සෞඛ්‍ය ගැන කතා කළේ නැහැ. ඊට වියදම් කරන දේ ගැන කතා කළේත් නැහැ. අපේ රටේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇගයීමකට ලක් කරමින් ජාත්‍යන්තරයෙන් පවා කතා කරනවා. ලෝකයේ කිසිදු රටකට නොදෙවෙනි බුද්ධිමතුන්, උගතුන් අපේ රටේ බිහිවෙමින් තිබෙනවා.  සෞඛ්‍ය සේවාවෙත් එහෙමයි. රාජ්‍ය අංශය වගේ ම පෞද්ගිලක අංශයත් ශක්තිමත් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ඉඩකඩ වෙන් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    යම් රෝගී තත්ත්වයක් පිළිබඳ පරීක්ෂණයක් සිදු කරලා එහි ප්‍රතිඵල වාර්තාවක් ලබා ගන්න පුළුවන් ඉහළ ම පරීක්ෂණාගාර තිබෙන්නේ රජයේ රෝහල් සතුවයි. එයට අභියෝග කරන්න කිසිවෙකුට බැහැ. අපේ සෞඛ්‍ය සේවාව තව තවත් ගුණාත්මක වර්ධනයක් ඇති කරන්න වෛද්‍යවරු 1,100කුත් හෙදියන් 5,000කුත් අපි ලබන සතියේ බඳවා ගන්නවා. එයින් අප බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නයි. අපි පාර්ලිමේන්තුවට පැමිණි මුල් කාලේ අපිට ලැබුණේ ග්‍රාමීය සංවර්ධනයට සොච්චම් මුදලක්. අද එක් මන්‍ත්‍රීවරයකුට ගම සංවර්ධනය කරන්න රුපියල් කෝටි 50කට වැඩි මුදලක් ලැබෙනවා. මේ සංවර්ධනය ගැන තම තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න කියා මා විපක්ෂයෙන් ඉල්ලනවා යැයි අමාත්‍යවරයා පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya