අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොස්ලන්ද ඛේදවාචකය පාරිසරික ව්‍යසනයන් පිළිබඳ දරුණු අනතුරු ඇඟවීමක්

    ඔක්තෝබර් 30, 2014

    කොස්ලන්ද ප්‍රදේශයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ ව තමා කනගාටුව පළ කරන අතර අපේ රටට ඉදිරියේදී මුහුණදීමට සිදු වන පාරිසරික ව්‍යසනයන් පිළිබඳ දරුණු අනතුරු ඇඟවීමක් මෙමඟින් සිදු කර තිබෙන බවත් ඉදිරියේදී ආර්ථික ප්‍රතිපත්ති සකස් කරද්දී මේ පිළිබඳ ව දැඩි අවධානයට ලක් කළ යුතු බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ පස්වෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    රජරට හා උතුරු පළාත්වල ඉදිරියේදී දැඩි නියං තත්ත්වය ඇති විය හැකියි. ගංවතුර හා නියං තත්ත්වයන්ට මුහුණදිය හැකි ආර්ථික සැලසුම් නොමැති ව ඉදිරියට යෑමට හැකියාවක් නැහැ. අපේ රටේ ආර්ථික වර්ධන වේගය 7.6%ක් ලෙස ධනාත්මකව සටහන් වී තිබෙනවා. මෙවර අය-වැය ලේඛනය හඳුන්වා දී ඇත්තේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ලෙසයි. ඒ ගැන තාක්ෂණ අමාත්‍යාංශය වශයෙන් අප ආඩම්බර විය යුතුයි. මේ පිළිබඳ අපි පසුගිය මැයි මාසයේදී කතා කළා. රට ඉදිරියට යන්න ඇති ඊළඟ දෙය දැනුම් ආර්ථිකයයි. අප දැනුමින් සන්නද්ධ ආර්ථිකයක් සකස් කිරීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේය.  

    තාක්ෂණ හා සේවා සැපයීම මඟින් ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා. ලෝකයේ දියුණු වූ රටවල් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ඔස්සේ ඉදිරියට පැමිණියේ. අපේ රටේ ආර්ථිකයට තාක්ෂණයෙන් දායක වෙන්නේ තවමත් 0.9%ක් පමණයි. එය 30% දක්වා වැඩි කළ යුතුයි. අපි 1998දී මැදි ආදායම් සහිත රටක් බවට පත් වුණා. නමුත් අපි මැදි ආදායම් තත්ත්වයේ බොහෝ කාලයක් ඉන්නවා. එය 2040 අධි ආදායම් සහිත රටක් වන බවට පුරෝකථනය කර තිබෙනවා. ඒ තත්ත්වයට යාමට නම් විධිමත් ආර්ථික සැලසුම් අවශ්‍යයි. 1960දී දකුණු කොරියාවේ ඒක පුද්ගල ආදායම, අපේ ඒක පුද්ගල ආදායමට වඩා තුනෙන් එකයි. මේ වන විට කොරියාව අපේ ආදායමට වඩා පස් ගුණයක් වෙනවා. එය සිදු වුණේ තාක්ෂණික ආර්ථිකය නිසා බව ද ඔහු සඳහන් කළේය.

     

    මා ඇමැතිවරයා ව සිටි කාලයේ විදුලිබල ක්ෂේත්‍රයේ සිදු වූ යම්කිසි සිද්ධියක් සිදු වුණත් විදුලිබල මණ්ඩලයට පාඩු නොවන ලෙස කටයුතු කළා. නමුත් මේ ක්ෂේත්‍රයේ වංචා සොයා බැලීමට තාක්ෂණික වංචා මඬින්න ව්‍යවස්ථාපිත ආයතනයක් ඇති කළ යුතුයි. මෙවැනි තාක්ෂණික අපරාධ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් විමර්ශනයක් සිදු කර සොයා ගන්න බැහැ. මේ පිළිබඳ ඇත්තට ම සෙවීමට වුවමනා නම් තාක්ෂණික වංචා මඬින්න ව්‍යවස්ථාපිත ආයතනයක් සකස් කළ යුතු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya