අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිපාලන සේවයේ නිලධාරීන් 2015 අය-වැය ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවකට එක් වේ

    ඔක්තෝබර් 23, 2014

    2015  වසරේ අය-වැය යෝජනාවන් සාර්ථක කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සියලුම නිලධාරීන් ලබන 26 වන දින ප.ව. 3.30ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රංගශාලාවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කැඳවා ඇත.

     

    2015 අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරිපාලන සේවයේ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටත්, අය-වැයෙන් ජනතාවට හිමි වරප්‍රසාද  ලබා දෙන ආකාරය පිළිබඳ ව විධිමත් වැඩපිළිවෙළක් සැකසීම සඳහාත් මෙම හමුව සංවිධානය කර ඇත.

     
    මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලියු.ඩී.ජේ. සෙනවිරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහත්වරුන් ද සහභාගීවීමට නියමිතය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya