අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වෙදැස 2018" වෛද්‍ය ප්‍රදර්ශනය දෙසැම්බර් 04 සිට 08 දක්වා BMICH හි දී

    දෙසැම්බර් 02, 2018

    ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට වසර 25ක් සපිරිම නිමිත්තෙන් සංවිධානය කෙරෙන "වෙදැස 2018" වෛද්‍ය ප්‍රදර්ශනය 2018 දෙසැම්බර් 04 සිට 08 දක්වා BMICH හිදි පැවැත්වේ.

    යහපත් කාලියක,මානසික සමාජීය සෞඛ්‍යය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරිම මෙහි ප්‍රධාන අරමුණ වන අතර,පෙර නොවු විරූ ආකාරයට ප්‍රදර්ශන කුටි සංවිධානය කර ඇතැයි එහි සංවිධායක මණ්ඩලය පවසයි.

    හෘදය සහ රුධිර සංසරණය,ශ්වසනය,ආහාර මාර්ග,වකුගඩු ,ප්‍රජනක,අන්තරාසර්ග සහ මධ්‍ය ස්නායු යන අවයව පද්ධති මෙන්ම මත්ද්‍රව්‍ය අවභාවිතය, රුධිරගත රෝග, පිළිකා,බෝවන රෝග,හා පාලන වැඩසටහන්,ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ජාන විකෘති,විකලාංග සහ හදිසි අනතුරු,විෂ විද්‍යාත්මක තොරතුරු,පවුල් වෛද්‍ය විද්‍යාව සහ ආසාත්මිකතා පිළිබඳව ද ප්‍රදර්ශනය කෙරේ.

    ශ්‍රි ජයවර්ධන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨය 1993 වර්ෂයේ ආරම්භ වි අතර වෛද්‍ය විද්‍යා උපාධියට අමතරව(MBBS) මානව ජීව විද්‍යාව,හෙද විද්‍යාව,ඖෂධවේදය සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාව යන උපාධිය ද පිරිනමනු ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya