නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    තොරුතුරු දැන ගැනිමට ඇති අයිතියට වසර 2යි- තවමත් ඔබ තොරුතුරු දැන ගැනිමට ඇති අයිතිය පිළිබඳ දන්නේද?

    සැප්තැම්බර් 28, 2018

    තොරුතුරු දැන ගැනිමට ඇති අයිතිය සම්බන්ධයෙන් ඇති ඉතිහාසය පුරාණ ශ්‍රික හා අශෝක යුගය දක්වා ගමන් කරන බව ඒ සම්බන්ධයෙන් ලියැවු‍ණු පොතු බත්වලින් හෙළිව තිබේ. ශ්‍රික දාර්ශනිකයන් වු ඇරිස්ටෝටල් හා ප්ලෝටෝ විසින් ද නොරතුරු දැන ගැනිමට ඇති අයිතිය පිළිබඳව අවධාරණය කොට ඇත.

    ''රාජ්‍ය පාලනය පිළිබඳව වන සියලු තොරතුරු මහජනයාට හෙළි කිරිම සහ ඒ විස්තර ගැන මනා සේ දැනුම්වත් කිරිම ,ප්‍රජාතන්තවාදයේ මූලික හරය'' වශයෙන් ඔවුන් මත කෘතීන්වල දක්වා තිබේ.

    ඉන්දියාවේ බිහි වු අශෝක අධිරාජ්‍යයා ද මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ද්කවා තිබේ.තොරතුරු දැන ගැනිමේ මුලික සංකල්පය නැවත මතු වන්නේ 18 -19 වන සියවසේ දි යුරෝපිය චින්තනය හරහාය.එසේම නවීන ලෝකයේ මුල් ම තොරතුරු අයිතිය පිළිබඳ පනත ෆින්ලන්තයෙන් බිහිවිය.ඒ 1766 දිය.මෙසේ ලෝකය ඒ පිළිබඳව අවධානය යොමු නොවන විට ශ්‍රි ලංකාව තුළ තොරතුරු දැන ගැනීමේපනත පිළිබඳ දැඩි අවධානයට ලක් විය.ඒ අනුව වත්මන් රජය  බලයට පත්වීමෙන් පසු 2016 අගෝසතු මස 04 වන දින සම්මත වූ 2016 අංක 12 දරණ  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් සම්පාදිත ක‍්‍රියාවලිය භාවිතා කොට තොරතුරු වලට ප‍්‍රවේශවීමට ජනතාවට හැකි වි තිබේ. 

    මෙතෙක් කල් යම් නිලධාරියෙකු සතුව පමණකට සීමාවී තුබූ ජනතාවට දැනගැනීමට අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගැනීමට මෙම පනත මගින් අවස්තාව සලසා තිබේ .‍ රටේ ජිවත්වන සාමාන්‍ය ජනතාව විදියට ඒ කියන්නේ ඔබට අනාවරණය කරගත නොහැකි යම් තොරතුරක් මේ මෙම පනත මගින්  අනාවරණය කරගැනීමට ඔබට හැකියාව ලැබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා කියා සිටියේ, අපේ රටේ තිබෙන තොරතුරු පනත තමයි ලෝකයේ 3 වැනි ස්ථානයට වර්ගිකරණය වෙලා තිබෙනවා.ඊට අමතරව ආසියාවේ පළමු තැනට මෙම පත් වි තිබෙනවා.මෙය ඉතා ප්‍රබල පනතක්.තොරතුරු ලබා ගන්නට නොහැකි විමට හේතු කිහිපයක් තිබෙනවා.එකක් තමයි තොරතුරු ලබා ගැනිමේ අයදුම්පත නිසි ආකාරයෙන් පුරවා නොතිබිම,අදාළ තැනින් නෙමෙයි තොරතුරු ඉල්ලා තිබෙන්නේ,තොරතුරු නිලධාරියාගේ දෝෂත් ඇතිවිය හැක.එවිට යුතු පියවර එනම් දින 14 කින් නැතිවුනොත් දින 21 කින් ප්‍රතිචාරයක් නොගනීනම් එහෙමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති නම් මාස දෙකක් ඇතුළත තොරතුරු දැන ගැනිමේ කොමිසන් සභාවට පැමිණිළි කල හැකියි,ඉන් නොනැවති එයටත් තෘප්තිමත් නැත්නම් අභියාචනාධිකරණයට හා ඉන් එහා ශ්‍රේෂ්ඨධිකරණයට ද යා හැකි බව කිය. කොමිසමට ලැබි ඇති බොහෝමයක් අභියාචනාවක් මේවන විට විසදා ඇති බව ඔහු පැවසීය.

    මේ වන විට තොරතුරු දැන ගැනිමේ කොමිසන් සභාවට අභියාචනා 976ක් ලැබි ඇතැයි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා ප්‍රකාශ කළේ ය. තොරතුරු දැන ගැනිමේ පනත තුළින් ඔබට යම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් අයදුම්පතක් මගින් ඔබගේ ඉල්ලීම සෑම රජයේ ආයතනයකටම පත් කරනු ලබන  තොරතුරු නිලධාරියා වෙත ලබා දිය යුතුය. ඔබට අයදුම් පතක් පිරවීමට නොහැකි නම් එය වාචිකව තොරතුරු නිලධාරියා වෙත ලබා දීමේ හැකියාවක් තිබේ .මොන යම් හෝ හේතුවක් නිසා කිසියම් තොරතුරක් ඔබට නිකුත් කිරීමට නොහැකි යැයි තොරතුරු නිලධාරියා පැවසුවහොත් ඔවුන්ට එසේ කල හැක්කේ   පනත මගින් අදාළ තොරතුර ජනතාවට නිකුත් කර නොහැකි යැයි පැහැදිලව සඳහන් කර ඇති අවස්ථාවකදී පමණි.නමුත් එම තොරතුරින් මහජන යහපතක් සිදුවන්නේ නම් එම පනතේ තිබෙන කොන්දේසිවලට ඉහළින් යාමට හැකිය . 

    තොරතුරු ලබානොදෙන අවස්ථාවක දි තොරතුරු ලබාගැනීමට යාමේදී මෙවැනි අවස්ථාවන්ට ඔබට ඔබට මුහුණ දීමට හැකිය එවැනි අවස්ථාවන්හි තොරතුරු නිලධාරියාගේ සිට නම් කළ නිලධාරියා,ප්‍රවීණ මාධ්‍යවේදීන් හා නීතිඥයින්ගෙන් සමන්විත විශේෂ තොරතුරු කොමිසමක්  වෙත පැමිණිලි කළ හැක. එසේත් නොහැකි වුයේ නම් ඔබට අභියාචනාධිකරණයේ පිහිට පැතීමට පනත මගින් හැකියාව ඇත.

    මෙම පනත තුළින් සෑම තොරතුරක් ම ජනතාවට ලබා ගැනීමට හැකියාවක් නොමැත. විශේෂයෙන්ම රාජ්‍ය අරාක්ෂාවට අදාළ තොරතුරු ,මැතිවරණ නිතින් අනුව තිබෙන රහස්‍ය තොරතුරු ,අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට අපහාස සිදුවන තොරතුරු ,විභාගයන්හි රහස්‍ය බාවය දැක්වෙන තොරතුරු උදාහරණයක් ලෙසින් නිකුත් නොවූ විභාග ප්‍රශ්න පත්‍රයක තොරතුරු සදහා ඔබට ඉල්ලීම් කළ නොහැකි යි.නමුත් ඉහත වගන්තින් යටතේ තොරතුරු ලබාදීම තුලින්  සිදුවන හානියට වඩා යහපතක් සිදුවනවා නම් එම තොරතුරු ඔබට ලබාදීමට කටයුතු කළ යුතුය . විවිධ ආණ්ඩු විසින් විවිධ පනත් සම්මත කර ගැනුණ ද ජනතාව බලාත්මක කරන්නාවු පනත් ලෙසින් මෙය හැදින්විය හැක. 

    මේ හේතුවෙන් ජනතාව විශේෂයෙන් මේ සම්බන්ධයෙන් දැනගත යුතු කාරණා කිහිපයක් තිබේ. 

     තොරතුරු ඉල්ලිමක් නීති විරෝධි නොවන බව
     ඕනෑම පොදු අධිකාරියකට තොරතුරු ඉල්ලීමක් කළ හැකි බව
     අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියගේ නම හා තනතුර දැනගැනීම අත්‍යාවශ්‍ය නොවේ.තොරතුරු ඉල්ලිම කළ යුත්තේ අදාළ පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියාගෙන් විනා ඔහු ආයතනයේ තචුළ දරන නිලයෙන් නොවේ.
     එක ම තොරතුර ඉල්ලා පොදු අධිකාරියන් රැසකට තොරතුරු ඉල්ලිම කළ හැකිය.

     එක් පොදු අධිකාරියක් වෙත එක ම තොරතුරු ඉල්ලා ඕනෑම පුරවැසියන් ගණනකට තොරතුරු අයදුම්පත්‍ර යොමු කළ හැකිය.
     එකම පුරවැසියකුට වුවද එකම තොරතුරු ඉල්ලා පොදු අධිකාරිය වෙත කිහිපයක් වුවත් තොරතුරු ඉල්ලුම්පත් යොමු කළ හැකිය.
     තොරතුරු ඉල්ලා සිටිමට හේතු පැහැදිළි කිරිමට තොරතුරු ඉල්ලුම්කරු බැඳි නැත.
     තොරතුරු ලබාදිමේ ක්‍රියාවලියේ කාලවකවානු ගැන සැලකිල්ලමත් වන්න‍
     තොරතුරු ආකෘති භාවිතා කරන්න.
     ලිපි හුවමාරුවල දි සාක්ෂි තබාගන්න.

    අවසනයේදි හිටපු අගවිනිසුරු එස්.ශර්වාන්නද මහතාගේ ප්‍රකාශයක් මෙයට එක් කිරිම වටි.
    ''පාලිතයාගේ කැමැත්ත නිදහසේ කැමැත්ත විය යුතු අතර ඒ සඳහාප්‍රමාණවත් තොරතුරු ලබා ගැනිමක් තිබිය යුතුයි'' යන්නයි. 

    සකස් කළේ- ලලන්ති

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya