අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකා පොලීසිය හා සංහිදියා යාත්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්වෙයි

    අගෝස්තු 07, 2018

    මාධ්‍ය නිවේදනය

    ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ග්‍රාමීය මට්ටමෙන්  ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකා පොලීසිය හා සංහිදියා යාත්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්වෙයි.

    සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රජා පොලිස් සේවය ප්‍රතිස්ථාපනය සදහා  වන අවබෝධතා ගිවිසුමට 2018 අගෝස්තු මස 7 වන දින සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේදී අත්සන් තබන ලදී.

    මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි මහ ලේකම් මනෝ තිත්තවැල්ල මහතාත් අත්සන් තැබූහ.

    ප්‍රජා පොලිස් සේවය රාජ්‍ය පරිපාලන  කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පොලීසිය විසින් ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකාවේ විශාලතම සංවිධානාත්මක සහ ශක්තිමත් ප්‍රජා සංවිධාන ජාලයයි. මේ වන විට දිවයින පුරා සියලු ග්‍රාම නිලධාරී වසම් නියෝජනය කරමින් ප්‍රජා පොලිස් සේවා කමිටු  14068 ක් ක්‍රියාත්මක වේ. ගැටුම් අවස්ථාවන් වලදී ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම ප්‍රජා පොලිස් සේවයට පැවරෙන මූලිකතම කාර්යභාරයයි. පසුගිය යුධ වාතාවරණ සමයේ ප්‍රජාවගේ ආරක්ෂාව සදහා මෙම ප්‍රජා පොලිස් සේවා කමිටු එවකට සිවිල් ආරක්ෂක සේවා කමිටු ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළහ. ඊට අමතරව මේ වනවිට මත්ද්‍රව්‍ය නිවාරණය, ළමා අපචාර සහ හිංසනය වැළැක්වීම මෙන්ම ඩෙංගු මර්ධනය වැනි සමාජ සත්කාර්යයන් සදහාද මෙම ප්‍රජා පොලිස් සේවා සහාය වේ. 2016 සැප්තැම්බර් 23 අංක 11 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු සදහා සහාය වන අතරම ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය වර්ධනය කරමින් ශක්තිමත් සන්නිවේදන ජාලයක් ඇති කිරීමටද ප්‍රජා පොලිස් සේවයට පැවරෙන ප්‍රමුඛතම කාර්යයකි. සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විශ්වාස කරන පරිදී ප්‍රජා පොලිස් සේවය රජයේ ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා  ග්‍රාමීය මට්ටමෙන් විශාල කාර්යභාරයක් සිදුකළ හැකි හොදම ව්‍යුහාත්මක සංවිධානය වේ.


    මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණු වන්නේ,
     
    1.රජයේ සංහිදියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සියලු සංවිධාන කාර්යයන් කරමින් බිම් මට්ටමේ සිට සහාය වීම සහ තොරතුරු ලබාදීම.
    2.රජය විසින් නීතිගත කරන ලද සහ නීතිගත කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බම්මට්ටමෙන් යෝජනා සහ අදහස් ලබාගැනීම.

    3.අසත්‍ය තොරතුරු ජනගත වීමෙන්  ජාතිවාදය පැතිරවීම වැළැක්විම හා ඒ මගින් ඇතිවිය හැකි ගැටුම් කල්තියා  හදුනාගැනීම තුළින් අර්බුද ඇතිවීමට පෙර ග්‍රාමීය මට්ටමෙන් විසදුම් ලබාදීම හා එමගින් ජාතික සංහිදියාව තහවුරු කිරීම.

    උක්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ග්‍රාමීය ප්‍රජාව සහ ඔවුන්ගේ ප්‍රජා නායකයින් සමග සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය සදහා වන රජයේ ආයතන වෙත  ලබාදීමටද මෙමගින් අපේක්ෂා කෙරේ. එසේම එලෙස ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් විවිධ පාර්ෂවකරුවන් ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සදහා දායක කර ගැනීමටද අපේක්ෂිතය.

    අවබෝධතා ගිවිසුමට අනුව ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ග්‍රාමීය මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මාස 5ක කාලයක් පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ අනුව අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, රත්නපුර, මාතර,ගම්පහ, බදුල්ල, කළුතර සහ ගාල්ල යන ප්‍රදේශවල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

    මේ යටතේ ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ගොඩනැංවීම උදෙසා  මෙම අවබෝධතා ගිවිසුමට අනුව සාමසාධක බලකා කණ්ඩායමක් දිස්ත්‍රික් මට්ටමෙන් හෝ පළාත් මට්ටමෙන් පත්කිරීමටද නියමිතය.

    ඒ අනුව  ප්‍රජා පොලිස් ඒකක නියෝජනය කරමින් නිලධාරින් සහ මහජන සම්බන්ධතා නිලධාරීන් එක් පළාතකින්  55 දෙනෙකු සදහා පුහුණුව ලබාදීමට නියමිතය. එලෙස පුහුණුව ලබන නිලධාරීන් එක් එක් පොලිස් ස්ථාන මට්ටමින් පුහුණු සැසිවාර පැවැත්වීමේදී සම්පත් දායකයින් ලෙස සහභාගී කරවීමට සැළසුම් කර ඇත. එලෙස පොලිස් ස්ථාන මට්ටමින් පුහුණු සැසිවාර 495 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

    ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මුලික අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය පිළිබද වැඩපිළිවෙළ සැළසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සංහිදියාව සම්බන්ධධයෙන් කටයුතු  කරන අනෙකුත් ආයතන අතර සම්බන්ධතාවයක් ගොඩ නැගීමයි. 2015 දෙසැම්බර් 18 අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පිහිටවූ සංහිදියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වේ.

    වැඩිදුර තොරතුරු  සදහා සම්බන්ධ කරගන්න :
    ප්‍රෙමිලා ධර්මසිරී

    ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    +94112 336 840 Ext: 133

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya