අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධ රශ්මි වෙසක් කලාපයේ න්‍යාය පත්‍රය සහ වැඩසටහන් මාලාව

    අප්‍රේල් 28, 2018

    ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන  ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනයක් අරලිය ගහ මන්දිරයේදී අප්‍රේල් 29 සිට මැයි 02 දක්වා පැවැත්වේ.

    උක්ත කරුණට අදාළව පහත දැක්වෙන අවස්ථාවන් සඳහා මාධ්‍ය ආවරණ කටයුතු සැලසීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

    2018.04.28

    1605 පැයට      - ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා භාර ගැනීම

    2000 පැයට      - පාකිස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා භර ගැනීම

    2240 පැයට      - නේපාලයේ සිට ගෙන්වනු ලබන කෞතුක වස්තු භාර ගැනීම

    (ගරු බුද්ධ ශාසන අමාත්‍යතුමන් ඇතුළු ප්‍රභූ ආරාධිතයින් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී භාර ගැනීම VVIP පරිශ්‍රයේදී)

    2018.04.29

    1700 පැය         - සර්වඥධාතූන්වහන්සේලා සහ කෞතුක වස්තු අරලිය ගහ මන්දිරයේ තැන්පත් කිරීම

    1900 පැය         - මහජනතාවට වැඳපුදා ගැනීමේ අවස්ථාව සඳහා එම ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය

                              විවෘත කිරීමේ අවස්ථාව

    මෙම අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් ද , තානාපතිවරුන් ද සහභාගී වෙති.

    2018.04.29 වන දින 19.00 පැය සිට 2018.05.03 දින අළුයම 04.00 පැය දක්වා සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අතර, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පැමිණීම පහත පරිදි වේ.

    දිනය - 2018.04.30, 1900 පැයට          - විශේෂ ආරාධිත අමුත්තන් පැමිණීම

    දිනය - 2018.05.01, 1900 පැයට          - විශේෂ ආරාධිත අමුත්තන් පැමිණීම

    දිනය - 2018.05.02, 1900 පැයට          - විශේෂ ආරාධිත අමුත්තන් පැමිණීම

     

    අරලිය ගහ මන්දිරයේ සිට සර්වඥ ධාතූන්වහන්සේලා හා කෞතුක වස්තු ආපසු වැඩම වන අවස්ථාවන්,

    • දිනය - 2018.05.03
    • 0620 පැයට - ඉන්දියාවේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන්වහන්සේලා අරලිය ගහ මන්දිරයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ආපසු වැඩම කරවීම
    • 0820 පැයට - කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්වීම

     

    • දිනය - 2018.05.17
    • 1010 පැයට - පාකිස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන්වහන්සේලා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත වැඩම කරවීම
    • 1210 පැයට - කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්වීම

     

     

     

    එල් පී තිලකරත්න

    අංශ ප්‍රධානී (ප්‍රචාරක අංශය)

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya