ජූනි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    සම්මුතිවාදී රජයක් ගොඩනගන්නේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමටයි- ජනපති

    සැප්තැම්බර් 01, 2015

    සාමකාමී මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරුණු සියලු දෙනා පිළි ගන්නා බව ප්‍රකාශ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතතුමා සිය රාජාසන කතාව ආරම්භ කළේය.

    මීට පෙරට වඩා අභියෝග රැසක් ජනාතා නියෝජතයින් වශයෙන් ඉදිරියේ ගොඩනැගෙමින් පවතින බවත් අයිපෑඩ් එක අරන් දරුවන් පෙර පාසල් යන දිනය මෙම පාර්ලිමේන්තු කාලය තුළදී ම උදා වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

     

    අප එක බැඳගත් නව සංස්කෘතික හර පද්ධතිය එකට බැඳ තබමින් උදාවන නව යුගයේ නව පරම්පරාවේ අභිලාශයන් වෙනුවෙන් රට ගොඩනැගීමේ අභියෝගය අප සියලු දෙනා හමුවේ තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සේනාධිනායකයා ලෙස රටේ ආරක්ෂාව හා ඒකාග්‍රතාව සම්බන්ධයෙන් පූර්ණ වගකීමෙන් කටයුතු කරන බවත් ඒ සඳහා ඔබලාගේ කැපවීම වෙනත් කරුණකට නොදෙවැනි කොට ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

     

    අදින් ආරම්භ වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වේ. එක් ප්‍රධාන පක්ෂයෙක් වටා ගොඩ නැගුණ රටේ ප්‍රධාන පක්ෂ ජාතික හමුවේ දේශපාලන පක්ෂවල එදිරිවාදිකම් පසෙකලා සන්ධානය රජයන් පිහිටුවීමේ ආදර්ශය ලෝකයේ විවිධ රටවලින් හමුවෙනවා. වර්ණ භේදවාදය අවසන් කළ වහාම දකුණු අප්‍රිකාව වාර්ගික ප්‍රශ්නය මුලිනුපුටා දැමීමටත් වේගයත් සංවර්ධයක් ළඟා කර ගැනීමටත් අරමුණු කර ගත් සම්මුති සන්ධාන රජයක් ගොඩනැගුවා. ශ්‍රී ලංකාව හමුවේ ඇති ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න සඳහා මුහුණදීම සඳහා එවැනි ම සම්මුතිවාදී රජයක් අප රටේ ගොඩනගා ගත යුතුව තිබුණු අවස්ථාව වූයේ ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමයක් ලෙස පිය නැගුණු පළමු මොහොතේ වූ බව මා තරයේ විශ්වාස කරනවා. දශක තුනක් මේ රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ අවි නොගැටෙන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයත් තුළ පාලන කිරීම පිළිබඳ තිබූ අඩු අත්දැකීම් හේතුවෙන් එදිරිවාදී දේශපාලනය වෙනුවට සම්මුතිවාදී දේශපාලනය රට තුළ ස්ථාපිත කිරීමට ප්‍රධාන පක්ෂ දෙකෙන් පිහිටුවා ගැනීමට අප අපොහොසත් වුණා.

    ජාතික ආණ්ඩු පදනමින් රටේ ප්‍රධාන පක්ෂ දෙක අතර ගොඩනැගෙන සම්මුතිවාදී සන්ධානයේ ප්‍රධාන කාර්ය වන්නේ සියලු ජනකොටස් අතර සම්මුතිවාදී ආණ්ඩුව ජාතීන් අතර සංහිඳියාවත් සමාජ ආර්ථික සංවර්ධනයක් එක්වර සාක්ෂාත් කර ගැනීම හා 2020 ඇති වන නව ලෝකයට උසස් මානය සංවර්ධනයක් සඳහා මේ රට ගෙන යාමයි.

    අපටත් වඩා ආර්ථික වශයෙන් අඩු මට්ටමක් සිටි රටවල් අද වන විට වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන තිබෙන අතර ඒ රටවල් අප රට අතර විශාල සංවර්ධන පරතරයක් ගොඩ නැගී තිබෙනවා. ප්‍රමාද වී හෝ එය ලබා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙකෙහි සන්ධාන රජය තමා දුටු බවත් ඒ අනුව මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටත් යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික පදනම දමා තිබෙන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජාතික අවශ්‍යතාව ඉටු කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව සම්මුතිවාදී ආණ්ඩුවක් වසර 2ක් සඳහා සම්මුති සන්ධාන රජයක් ගොඩනගන්නේ එම ජාතික අවශ්‍යතාව ඉටු කිරීම සඳහායි.

     

    ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    "සම්මුතිවාදී රජයේ න්‍යාය පත්‍රය සැකසීමේදී පසුගිය ජනාධිපතිවරණයේ මා විසින් ඉදිරිපත් කළ මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ලබාදුන් මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්තිය, එක්සත් ජාතික පෙරමුණේ පංචි විධ ක්‍රියාවලියද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරිපත් කළ අනාගතයට සහතිකයක් ප්‍රතිපත්ති ප්‍රකාශය, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ හෘද සාක්ෂියේ සම්මුතිය සහා ද්‍රවිධ ජාතික සන්ධානයෙහි මැතිවරණ ප්‍රකාශයද මගේ මෛත්‍රී පාලනයක් - ස්ථාවර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති යහපාලන මූල ධර්ම මුල් කොට ගත් ප්‍රතිපත්ති රාමුව සමඟ දැනටමත් සන්සන්දනාත්මක අධ්‍යායනකට ලක් කොට තිබෙනවා. ඒ අනුව මාගේ ‘මෛත්‍රී පාලනයක් - ස්ථාපවර රටක්. ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් හඳුනාගෙන ඇති අනාගතවාදී දැක්ම සමඟ සමගාමී සහ ඊට අනුකූල ප්‍රතිපත්ති යෝජනා සම්පිණ්ඩනය කොට නව සම්මුතිවාදී සන්ධිස්ථා රජයේ ප්‍රතිපත්ති සම්පානදය ඒ ඇසුරින් සිදු කිරීමට මම කටයුතු කරනවා.

     

    කතානායකතුමනි,
    යම් රටක් හෝ ජාතියක් ස්වකීය අනන්‍යතාවේ පදනම වශයෙන් සලකන්නේ එරටෙහි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතියේ උත්තරීතර ලේඛනය ලෙස අප සලකන්නේ ඒ හේතුවෙන්. නිදහසේ සිට ගෙවුණු වසර 60ක කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා. එහෙත් අද වන තෙක් අපට ශ්‍රී ලාංකික ජාතියෙහි පදනම් ලෙස සියලු දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්ත කර ගැනීමට නොහැකි වීම අභාග්‍යක්, විශේෂයෙන්ම අද අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ පටන් ම එහි පදනම වන විධායක ජනාධිපති ධූරය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ බොහෝ පාර්ශවයන්ගේ මැසිවිලි සහ විරෝධතා එල්ල වෙමින් පවතිනවා. මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවට එක් වූ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මාගේ මැතිවරණ ප්‍රකාශනයේ එක් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක්. විධායක ජනාධිපති ක්‍රමය තව දුරටත් පැවතිය යුතු ද එසේම නම් එහි ස්වභාවය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ අවසන් නිගමනය ගැනීම ඔබ අසුන් ගෙන සිටින මේ පාර්ලිමේන්තුවේ වගකීමක්. මගේ තවත් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ දශක තුනකට ආසන්න කාලයක් තිස්තේ ජනතා අප්‍රසාදයට සහ පිළිකුළට ලක්ව තිබෙන සාමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කිරීමයි. පසුගිය පාර්ලිමේන්තුවේ ධූර කාලයේ අග භාගයේ මා ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධන යෝජනාව මඟින් ඊට අවශ්‍ය මූලික පදනම මේ වන විටත් සපයා ඇති බව ඔබ දන්නවා. ඒ අනුව සියලු දේශපාලන පක්ෂවලට මෙන්ම සිවිල් සමාජයට ද එකඟවිය හැකි වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමය සම්පාදය කොට සම්මත කිරීමේ ඓතිහාසික කාර්යභාරය ද ඔබ අසුන් ගෙන සිටින මෙම පාර්ලිමේන්තුවට පැවරෙනවා.

     

    පශ්චාත් යුදමය ශ්‍රී ලංකාව තුළ සංහිඳියා සහජීවනය සහ සංවර්ධය අරමුණු කර ගත් අභිමානවත් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටී නම් අප විසින් අවශයයෙන් ම ගත යුතුව තිබූ එහෙත් අපට මෙතෙක් ගැනීමට නොහැකි වූ දේශපාලන තීන්දු තීරණ සහා ප්‍රතිසංස්කරණ සම්පාදනය කිරීමේ වගකීමේ පැවරෙනෙත් ජනතා නියෝජතියන් වශයෙන් ඔබ අසුන් ගෙන සිටින මෙම පාර්ලිමේන්තුවටයි. සිංහල, දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සහා ආදි වාසි ජනයාද ඇතුළු සියලු ජනකොටස්වල සංහිඳියාවෙන් ද බෞද්ධ හින්දු හා ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් අතර සහජීවනයෙන් ද සමන්විත වන නූතන ශ්‍රී ලාංකික ජිවිතය ගොඩනැගීමේ මෙහෙවරේ කොටස් කරුවන්ට බවට ඔබ අද පත්ව සිටිනවා. එම කාර්යේදී ජනාධිපතිවරයා වශයෙන් මා විසින ලබා දි යුතු නායකත්වය මග පෙන්වීම සහ සහයෝගය නොපමාව ලබදීමට මා කැප වී සිටිනවා. එම දේශපාලන ගමන මගේදී ප්‍රබුද්ධ, ප්‍රසස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීම මෙම පාර්ලිමේන්තුවේ වගකීමක් බව මම අවධානය කරනවා.


    අප රට සතු වටිනාම සම්මත අපේ මානව සම්පතයි. මානය සම්පත අද්විතීය ලෙස සංවර්දය කිරීම අප රටේ සංවර්ධන ක්‍රියාවලියේ පදනම බව මාගේ විශ්වාසයයි. 21 වන සියවස යනු ආසියාවේ සියවස බව මා ඔබට සිහිපත් කළ යුතුයි."

    මෙරටට ස්වභාව ධර්මයේ පිහිටීම අනුව ලබා දී ඇති මහඟු අවස්ථාවන්වලින් උපරීම ප්‍රතිලාභ ලබා ගත හැකි වන පිරිදි අපගේ ඉදිරි ආර්ථික ප්‍රතිපත්තිය සැලසුම් සහ උපාය මාර්ග සැකසීම අපගේ වගකීමක් වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    ග්‍රාමීය ආර්ථිකයේ සිට සෑම මට්ටමක ම ආර්ථිකය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බව පෙන්වා දුන් එතුමා දියුණුවේ ප්‍රතිලාභ රටේ සියලු දෙනා වෙත ලබා දීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

    උතුරු නැගෙනහිර ඇතුළු සියලු දුෂ්කර ගම්මාන වෙත සංවර්ධනයේ අරුණලු උදා කොට රට පුරා සමානව දියත් කිරීමේ වගකීම රජය භාර ගෙන තිබෙන බවත් කාර්මික ආර්ථිකයේ සිට දැනුම පාදකආර්ථික නවෝත්පාදක ආර්ථිකය පරිසර හානියෙන් තොරව සිදු කළ යුතු බව ද එතුමා පෙන්වා දුන්නේය.

    එතුමා ප්‍රකාශ කළේ රාජ්‍ය දේපොල අවභාවිතය හා දූෂණ මර්ධයන වෙනුවනේ තරාතිරම නොබලා කටයුතු කරන බවයි .

    පෞද්ගලික අංශය, රාජ්‍ය අංශයන් කෙරෙහි ද විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කර තිබෙන අතර කිසිදු අවස්ථාවක වෙනස් නොවන ජාතික වශයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය සහා පොදු ප්‍රවාහනය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මේ රටේ නව දේශපාලන සංස්කෘතිය ඇති කිරීම සඳහා විදේශීය හා විදේශීය සිටින ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ට ජනාධිපතිතුමා මෙහිදී ආරාධනා කළේය.

     

    unnamed 14

     

    unnamed 13

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya