මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අපි‍්‍රකානු උප ජනාධිපති ශී‍්‍ර ලංකාවට

    පෙබරවාරි 13, 2015
    සංහිඳියාව සහ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලියේ ප‍්‍රගතිය දැක ගැනීමේ අරමුණින් දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා මහතා නිල සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණිමට නියමිතය.
     
    ශී‍්‍ර ලංකා රජයේ ආරාධනයකට අනුව ඒ මහතාගේ සංචාරය සිදුවන අතර එළැඹන මාර්තු මාසයේදී උප ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන බව ශී‍්‍ර ලංකාවේ දකුණු අප‍්‍රිකානු මහකොමසාරිස් ජියෝ ඩොයිජ් මහතා ප‍්‍රකාශ කළේය.
     
    සාම නියෝජිතයෙකු හා ප‍්‍රගතිශීලී නායකයෙකු වන සිරිල් රමපෝෂා මහතා සාමය සම්බන්ධයෙන් හසල අත්දැකීම් සහිත පුද්ගලයෙකු බවද ඒ හේතුවෙන් මෙරට සාම කි‍්‍රයාදාමය ඉදිරියට ගෙනයාමේ දී ඔහුගේ සේවය ලබාගැනීමේ හැකියාව තිබෙන බව ද මහකොමසාරිස්වරයා පෙන්වා දෙයි.
     
    මෙවර සංචාරයේදී එතුමා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද ජියෝෆ් ඩොයිජ් මහතා කියා සිටී.
     
    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya