මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා ඉන්දිය ධීවරයින් අතර සාකච්ඡාව මාර්තු 05 චෙන්නයි හිදී

    පෙබරවාරි 11, 2015
    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවරයන් අතර මීළඟ සාකච්ඡාව මාර්තු 05වන දින ඉන්දියාවේ චෙන්නයි නුවර දී පැවැත්වීමට යෝජනා කර ඇත.
     
    තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් ලිපියක් මඟින් මෙම යෝජනාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කර ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත (The Hindu) වාර්තා කරයි.
     
     
    නොසැලිකිලිමත්ව පෝක් සමුද්‍ර සන්ධියේ කෘතිම සීමාවන් තුළ ධීවර කටයුතු සඳහා ධීවරයන්ට ඇති අයිතිය පිළිබඳ ව මෙම සාකච්ඡාව මෙහෙයවන බව ඉන්දීය සත්ත්ව පාලන, කිරි හා ධීවර ලේකම් එස්. විජයකුමාර් මහතා ප්‍රකාශ කර ඇත. එකඟ විය හැකි වාරයන් හා දෙරටේ පහසුව මත පෝක් සමුද්‍ර සන්ධියේ සාම්ප්‍රදායික සීමාවන් තුළ ධීවර කටයුතුවල නිරත වීමට දෙරටේම ධීවරයන්ට අවස්ථාව සපයා දීමේ මාර්ගයක් පිළිබව ද මෙහිදී යෝජනා කිරීමට ද බලාපොරොත්තුවන බව ඒ මහතා පවසා ඇත.
     
     
    ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවර සංගම්වල නියෝජිතයන් අතර පළමු සාකච්ඡාව 2014 ජනවාරි 20දා චෙන්නයිහිදී ද දෙවන සාකච්ඡාව 2014 මැයි 12දා කොළඹදී ද පැවැත්විණි. 
     
     
    දෙරට අතර මුහුදු තීරයේ ඇති සම්පත් දෙරටටම ප්‍රයෝජනවත් ලෙස සාමුහිකව භාවිතා කිරීම සඳහා පිළියම් සෙවීම මෙම සාකච්ඡාවල අරමුණ වේ. කෙසේවෙතත් දෙවන සාකච්ඡාව කිසිඳු ඵලදායී එකඟතාවයක් නොමැතිව අවසන් කර තිබේ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya