අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුද හමුදා වර්ණ රාත්‍රිය - 2014 ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 13, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා වර්ණ රාත්‍රිය ඊයේ (12) සන්ධ්‍යා භාගයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
     
    ජාතික හා ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩා 55ක් අතුරින් ක්‍රීඩා 35ක් ඔස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් 2014 වසරේ දී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 595 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර ඉන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 246 දෙනෙකු වර්ණ ලබාගැනීමට සුදුසුකම් ලබාගෙන ඇති අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 349 දෙනෙක් ශූර වර්ණ ලබාගැනීමට සුදුසුකම් ලබාගෙන තිබිණි.
     
    2014 වසරේ පැවැති තරගාවලිවල දී රන් පදක්කම් 21ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 28ක් දිනාගැනීමට යුද හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. 
     
    මෙම වර්ණ රාති‍්‍රයේ දී ම යුද හමුදාවේ හිටපු හමුදාපතිවරුන්, කී‍්‍රඩා කමිටු සභාපතිවරුන් සහ පුහුණුකරුවන් ද ඇගයීමට බදුන් කරන ලදී.
     
    වර්ණ රාති‍්‍රයට සමගාමීව 1949 වසරේ සිට මේ දක්වා යුද හමුදා කී‍්‍රඩා ඉතිහාසයේ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ඡයාරූප ඇතුළත් ප‍්‍රදර්ශනයක් ද පැවැත්විණි.
     
    මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ‍ලේකම් බී.එම්.යූ. ඩී. බස්නායක මහතා සහභාගි වූ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක යන මහත්වරු හා හිටපු යුද හමුදාපතිවරු ද, ඔලිම්පික් පදක්කම් හා ආසියානු පදක්කම් දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයෝ හා හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු විශාල ප්‍රමාණයක් ද සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya