මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරගාවලිය 2014

    නොවැම්බර් 20, 2014

    ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් තරගාවලිය 2014 කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැතිවිණි.

     

    ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංචිතය මඟින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ ක්‍රීඩා කුසලතාවන් වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රීඩා තරග සංවිධානය කරනු ලබයි. ඉන් අන්තර් ඒකක වොලිබෝල් තරගාවලියට සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

     

    සියලුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූහ. පිරිමි අවසන් තරගය සඳහා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර හා ගුවන් හමුදා වන්නි කඳවුර තරග කළ අතර එහිදී ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුර ශූරතාව හිමි කරගත්තේය.

     

    කාන්තා අංශයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ 26වන රෙජිමේන්තු පක්ෂාංගය පැරදවූ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළ කාන්තා පිල ශූරතාව දිනා ගන්නා ලදී.

     

    මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය චීන වරය විද්‍යාපීඨ කඳවුරේ නායක ගුවන් භට දිසානායක හිමි කරගත් අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ගුවන් හමුදා මූලික කඳවුරේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළ කාන්තා කණ්ඩායමේ නායක ගුවන් කාන්තා ලක්මාලි විසින් දිනා ගත්තාය.

     

    මෙම තරගාවලියේ කුසලාන හා සහතිකපත් ප්‍රධානෝත්වසය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ උප ලේකම් රත්නමුදලි මහතා සහභාගී විය.

     

    ගුවන් හමුදා වොලිබෝල් සංගමයේ සභාපති එයාර් වයිස් මාෂල් ආර්.ජේ. පතිරගේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කඳවුරු අණ දෙන නිලධාරී කණ්ඩායම් නායක එච්.එන්. අබේසිංහ ඇතුළු නිලධාරීහු මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද විශාල පිරිසක් සහභාගී වූහ.

     

    SDF

     

    vollyball1

     

    vollyball2

     

    vollyball3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya