ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන විස්සයි-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

    ඔක්තෝබර් 16, 2024

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ(15) පැවති දෙවන විස්සයි-20 තරඟයෙන් ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    ඒ ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ලකුණු 89කට සීමා කරමින්. ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය දෙපිලම එක් තරඟය බැගින් ජයගෙන සම තත්වයක පසුවනවා.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පලමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකරමින් දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා තිබුණේ චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවටයි.

    දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේ මෙරට 109 වන ක්‍රීඩකයා ලෙසයි.

    ඒ අනුව පලමුවෙන් පන්දුවට පහරදීමට පිටියට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 54 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26 ක් සහ කුසල් පෙරේරා ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 89 ක් පමණි.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය මංගල විස්සයි විස්ස තරගය සඳහා ක්‍රිඩා කළ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක්, චරිත් අසංක හා වනිඳු හසරංග කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට සමත් විය.

    පිත්තෙන් ලකුණු 54ක් රැස්කළ පැතුම් නිස්සංක තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි. දෙරට අතර තුන්වන හා අවසන් විස්සයි-20 තරඟය හෙට(17) පැවැත්වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya