ඔක්තෝබර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තාන කාන්තා පිලට ලකුණු 31ක ජයක්

    ඔක්තෝබර් 04, 2024

    ICC කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ(03) පැවති තරඟය ලකුණු 31කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගත්හ.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 85ක් පමණයි.

    පන්දුවට පහරදීමේදී විශ්මි ගුණරත්න ලකුණු 20ක් සහ නිලක්ෂි සිල්වා ලකුණු 22ක් බැගින් ලබා ගත්හ. පකිස්තාන පිල වෙනුවෙන් Sadia Iqbal ලකුණු 17කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya