සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LPL පස්වැන්නේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාර්ක්ට

    මැයි 28, 2024

    ජූලි 01 වැනිදා සිට ආරම්භ වන 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ටෙස්ට් සහ එක්දින නායක මයිකල් ක්ලාක්ව නම් කිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.



    ජාත්‍යන්තර රසයෙන් යුක්තව මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන මෙම උද්වේගකර ක්‍රිකට් තරගාවලිය එම ජූලි මස 21 වැනිදා දක්වා මහනුවරින් ආරම්භවී පසුව දඹුල්ලේදීත් අවසන් අදියර කොළඹදීත් පැවැත්වෙනු ඇත.

    ක්‍රිකට් ක්‍රීඩාවේදී ජනප්‍රිය ක්‍රීඩකයකු ලෙසින් නමක් දිනා සිටින ක්ලාක්, මෙවර තරගාවලියේදී සිය අත්දැකීම් සම්භාරයක් රැගෙන එනු ඇත. දකුණතින් පන්දුවට පහර දෙන ක්ලාක් අවශ්‍ය විටෙක වමත් දඟ පන්දු යවන්නකු ලෙස ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් කැපී පෙනෙන ජයග්‍රහණය රැසකට දායකත්වයක් දැක්වූ ක්‍රිඩකයෙකි. ඔහු දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෙකි. රිකී පොන්ටින්ට පසු ඔස්ට්‍රේලියානු පිලේ නායකත්වයේ වගකීම කරටගත් ක්ලාක්ගේ කැපී පෙනෙනම නායකත්වය ලෙසින් සඳහන් කළ හැක්කේ 2015 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශූරතාව දිනා ගැනීම සඳහා මෙහෙයවීම වේ.

    “මම ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන රටක් වන ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට ලැබීම මට  ඉවසිල්ලක් නැති කරවන්නක්. මට දැන් එන්න විතරක් නොවෙයි. ඇවිත් තානාපති කෙනෙක් විදියට වැඩ කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. දක්ෂයින් රැසක්, තරුණ ක්‍රීඩකයින් රැසක්, ඒ වගේම හොඳ විදෙස් ක්‍රීඩකයින් මේ තරගාවලියේ ඉන්නවා. මේ තරගාවලිය සාර්ථක එකක් වෙන බවට මට කිසිම සැකයක් නැහැ“ යැයි ක්ලාක් සිය දායකත්වයේ භූමිකාව පිළිබඳව තම සිතට එන අදහස් පළ කර සිටියේය.

    මේ අතර ක්ලාක්ගේ සේවය මෙම තරගාවලියට ලබා ගැනීම පිළිබඳව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන සමන්ත දොඩන්වෙල මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “මෙවර තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස මයිකල් ක්ලාක් වැනි ක්‍රිකට් පෞරුෂයක් සිටීම ඉතා විශිෂ්ඨ වන බවයි. මයිකල් ක්ලාග්ගේ ප්‍රෙව්ශය අපගේ ඉලක්කය තවදුරටත් ශක්තිමත් කරන බවට මට විශ්වාසයි“ යනුවෙනි.

    “මයිකල් ක්ලාක් අපි සමඟ එකතුවීම ගැන සතුටට පත් වෙනවා. එල්.පී.එල්. 2024 තරගාවලියේ සන්නාම තානාපති ලෙස ඔහු සතු අතිමහත් තරග අත්දැකීම්, නායකත්වයේ කුසලතා මෙන්ම නොසැලෙන ක්‍රීඩාව සදහා ඇති ආශාව ක්‍රිකට් ක්‍රීඩකයින් පමණක් නොවෙයි රසිකයින් තුළත් ප්‍රෙබා්ධයක් ඇති කරනු නොඅනුමානයි“ යැයි තරගාවලි සංවිධාන ආයතනය වන අයි.පී.ජී. හි සභාපති අනිල් මොහාන් සඳහන් කර සිටියේය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya