මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයසූරියගේ වාර්තාව බිඳ හෙළමින් පැතුම්ගෙන් ද්විත්ව ශතකයක්

    පෙබරවාරි 10, 2024

    සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිළ ඊයේ(09) සමත් විය.



    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් ලබා ගත්තා.

    වසර 2000දී සනත් ජයසූරිය සාජා පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී ලබා තිබූ වැඩිම ලකුණු වාර්තාව බිඳහෙළමින් පැතුම් නිශ්ශංක පන්දු 139කදී හයේ පහර 8ක් හා හතරේ පහර 20ක් සමඟ නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් විය.

    ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Fareed Ahmad කඩුලු 2 ක් හා Mohammad Nabi එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 339ක් පමණි. ඒ අනුව තරඟයේ ජය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් මොහොමඩ් නබී පන්දු 130කදී හයේ 3ක් හා හතරේ 15ක් සමඟ ලකුණු 136ක් ලබාගත් අතර, අසමතුල්ලා ඔමර්සායි පන්දු 115කදී හයේ 6ක් හා හතරේ 13ක් සමඟ නොදැවී ලකුණු 149ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිඳ හෙළා ගත්හ.

    ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය. ලකුණු 210ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් නිශ්ශංක තරඟයේ වීරයා බවට පත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya