අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹේ

    ජූලි 23, 2021

    ලෝකයේ ප්‍රධාන ක්‍රීඩා මංගල්‍ය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල අද (23) ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ විය.

    ජපාන සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් මෙම උළෙල විචිත්‍රවත් ලෙස සංවිධානය කොට තිබුණි. කොවිඩ්-19 වසංගතය ලෝකය වෙලා ගත් මොහොතක කිසිදු ක්‍රීඩා ප්‍රේක්ෂකයකු සහභාගී නොවී ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීම විශේෂත්වයයි

    දින 17ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතය.

    ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වී ඇති අතර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන වෙතය. එම කණ්ඩායමේ නායිකාව ලෙස 18 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා කටයුතු කරයි. ක්‍රීඩා කණ්ඩායම් වලට ජවයක්  ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පසුගිය දා ටෝකියෝ නුවර බලා පිටත් විය.

    ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට වගේම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සදහා ජපානය බලා පිටත්ව යන බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එහිදී සහභාගිවීමට බලාපොරොත්තු වන බවත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අපි රටක් ලෙස එකතු වන ලෙසත් ක්‍රීඩා අමාත්‍යවරයා ජපානය බලා පිටත් වීමට මොහොතකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya